මාලිමාවේ නිහඬියාව ඉතිහාසයේ ප්‍රතිවාදනයක් ද?

දුමින්ද නාගමුව සහෝදරයා ඇතුළු ජන අරගල ව්‍යාපාරයේ සහෝදරයන් හා සහෝදරියන් අත්අඩංගුවට ගැනීම ගැන මාලිමාව දරණ දැඩි නිහඬියාව පෙන්වන්නේ ඉතිහාසය නැවත ඒ ආකාරයෙන්ම රඟ දැක්වීමක් ද?

විදී සටන් යනු සාධාරණත්වය, යුක්තිය දිනාගන්න තියෙන එකම මාර්ගය නොවුනාට තවමත් ලෝකය පුරාම පීඩිතයන් භාවිතා කරන ප්‍රතිපල දායක මාර්ගයක්.

ඒ වගේම මැතිවරණයනුත් යුක්තිය හා සාධාරණතවය දිනාගන්න තිබෙන එකම මාවත නොවේ.
පෙසප හා ජවිපෙ අතර තියෙන දේශපාලන ගැටුම බොහොම පැහැදිලියි. නමුත් පීඩක රජ්‍යයක අනීතික පොලිස්පති කෙනෙක් යටතේ පීඩිතයන් වෙනුවෙන් සටන් කරන තවත් කණ්ඩායමක් මර්දනය කිරීමට ඉඩ හැර නිශ්ශබ්දව ඉදීමෙන් පෙන්වන්නේ තම ප්‍රතිවාදියාගේ සතුරා තමන්ගේ මිතුරා බව ද?

තමන්ගේ දේශපාලන මතවාදය ඒ ආකාරයෙන්ම නොපිලිගන්නා ඕනම කෙනෙක් ඕනම ආකාරයෙන් මර්ධනය කිරීමට පසුබට නොවන බවද?

මේ ජවිපෙ උපතේ පටන් තියෙන මනෝභාවය නැවත මතුවීමක් ද?

1971 අරගලයෙන් පසුව පක්ෂය නැවත ගොඩනැගීමේදි විශේෂයෙන් හිරගෙවල් තුළ ද්‍රෝහීන් නම් කරපු ආකාරය,

1987-89 ද්‍රෝහීන් නම් කරපු ආකාරය,

පිඩිත දෙමළ ජනතාව ගේ අරගලය තමන්ගේ මතයන්ට නොපැහීම හේතුවෙන් අරගලය ලේ ගංගාවක ගිල්වා දැමීමට කළ දැවැන්ත මැදිහත් වීම,

මේ සඳහා හොඳම උදාහරණයි.

මේ මොහොතේ තියෙන අනිත් මාරාන්තික විහිළුව නම්, මාලිමාවට සහාය දක්වන ජවිපෙ හෝ මාලිමාවේ ඍජු සාමාජිකයන් නොවන අයගේ නිහඬියාවයි.

ඉතිහාසයේ එකම සිදුවීම එකම අකාරයෙන් නැවත නැවත සිදුවීමේ විපාකයන් නොදන්නා සමාජයක් ද අපි?

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...