හොඳ අනාගතයක් වෙනුවෙන් මධ්‍යධරණී මුහුද තරණය කර යුරෝපයට ළඟා වෙන්නට උත්සාහ කළ ආසියානු අප්‍රිකානු මහද්වීපවල මිනිසුන් බහුතරයකට සිය ජීවිතයේ අවසන් නැවතුම බවට පත් කරගන්නට සිදුවුණේ මධ්‍යධරණී මුහුදු පතුල කියලා ඔබ දන්නවද?
දළ වශයෙන් වසර දහයක පමණ කාලයක් තුළ මධ්‍යධරණී මුහුදු මාර්ගය හරහා යුරෝපයට ඇතුල් වෙන්නට ගිය සංක්‍රමණිකයන් 30 000 වැඩි ප්‍රමාණයක් මුහුදේ ගිලී මිය ගිහින් තියෙනවා.
මේ දිනවල දකුණු ඉතාලියේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ප්‍රචණ්ඩ වී ඇති බව වාර්තා වන අතර සිසීලියා සහ කලබ්‍රියා වෙරළ තීරයට නන්නාඳ මළ සිරරු විස්සකට පමණ ආසන්නන ප්‍රමාණයක් විටින් විට ගොඩ ගැසූ බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් ඉතාලි වෙරළාරක්ෂක නිලධාරියකු ප්‍රකාශකර තිබුණේ “ගෞරවාන්විත මරණයක් සඳහා වත් මේ අසරණයන් වාසනාවන්ත නැහැ”. ඔවුන් ජීවිතයක් හොයාගෙන ගමනක් යනවා.අපි ඔවුන්ගේ ගමන වළක්වන්න හදනවා.
පිළිකුල් සහගත ලෙස සමහරු ප්‍රකාශ කරන්නේ සංක්‍රමණික බෝට්ටු ගිල්වා දමන්න කියායි. එසේ නොමැති නම් දේශසීමා තර කර වරායවල් වසා දමන්න කියනවා. එහෙම කියන අයට මිනිස්සු ඡන්දෙ දෙන්නේ මොනවා බලාපොරොත්තුවෙන්ද මේ ගොඩ ගසන්නේ අපේ දේශපාලනයේ ප්‍රතිවිපාක.

ජාතියක්, වර්ණයක්, ආගමක් හඳුනා ගැනීමට නොහැකිව මුහුදේ පාවෙමින් එන මළ සිරුරු ගොඩ ගන්න අතර ඔහු එසේ පිට කළේ මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔහුගේ හදවතේ කෑරෙන වේදනාවයි.
ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය වන IOM හි ඇස්තමේන්තු වලට අනුව, 2026 ජනවාරි මාසයේදී පමණක් 450 කට වැඩි පිරිසකගේ ජීවිත මධ්‍යධරණී මුහුද බිලිගෙන තිබේ – එය 2025 ජනවාරි මාසයට වඩා තුන් ගුණයකි. ලිබියාවේ සරණාගත සංක්‍රමණිකයන් 1,000 ක් පමණ මුහුදේදී අතුරුදහන් වීම් පිළිබඳව ලැබී ඇති තොරතුරු වලින් හෙළිදරව් වෙනවා. ඒවා පදනම් වන්නේ අතුරුදහන් වූවන්ගේ දෙමව්පියන් හිතවතුන් මිතුරන්ගේ තොරතුරු මතයි .







