පෙර දිගින් අප දකින සිහින සත සැබෑවද
බටහිරින් ගිලී යන හිරු එලිය බෙදාවිද
හැමදාම කළා සේ ඒ එලිය මුලාවද
සියවසක ඥාණයේ හිදැස අප දකීවිද
විස වෙසින් කැවී පසිඳුරු සිතේ
සිව් මහා භූත විසකුරු දැලේ
සිත් සතන් දන කිළිටි ආසා ගැලේ
කාලයක අප ඉතින් දුවන මේ සසරේ
නාභියක් අහිමි වී වහල් බව පරිධියේ
සාදයක් තුල දෑස් නිලංකාරව රඟේ
පැරණි බඳුනට වයින් දමා සිත වසඟයේ
රසින් තොල ගාන රැය රහසින්ම පහන් වේ