1988 වසරේ දී ප්‍රකාශයට පත් කළ සිංහරාජ ජාතික උරුම වන භූමිය සහ 2019 වසරේ දී ප්‍රකාශයට පත් කළ සිංහරාජ වන රක්ෂිතයෙන් ඔබ්බට සිංහරාජ අඩවියේ අනාරක්ෂිත වනාන්තර සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීම සඳහා “සිංහරාජ අඩවියේ අනාගතය කොයිබට ද?” මැයෙන් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මගින් සංවිධානය කරන ලදී.
මෙහි දී දැනට ප්‍රකාශයට පත් කර ඇති සිංහරාජ අඩවියේ වනාන්තරවලට පරිබාහිර ව පිහිටි, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන වනාන්තර, වැවිලි සමාගම් වලට බදු දී ඇති වනාන්තර හා පෞද්ගලික වනාන්තර ඉඩම් කඩිනමින් සිංහරාජ වන රක්ෂිතයට පැවරීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරිනි. මීට අමතර ව සිංහරාජ වන රක්ෂිතයේ හඳපාන් ඇල්ල සහ පන්නිල, දෙල්ලව – වලන්කන්ද රක්ෂිත වනාන්තර පද්ධතිය වෙන්වීම බෝටියතැන්න ප්‍රදේශයේ සංවර්ධන කටයුතු හේතුවෙන් සිදු වී ඇති අතර එම කොටස් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ද මෙහි දී අවධාරණය කෙරින.
දැනට සිංහරාජ වන රක්ෂිතය වටා පිහිටි සුවිශේෂී අනාරක්ෂිත වනාන්තර හා බෝටියතැන්න අලිමංකඩ ඇතුළු සියලු ප්‍රදේශ වන සත්ත්ව හා වෘකෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ අභය භූමියක් බවට පත් කිරීම හෝ ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කළ යුතු බවට අවධාරණය කෙරින.
එපමණක් නොව දැනට සිංහරාජ අඩවියේ අනාරක්ෂිත වනාන්තර ප්‍රදේශ තුළ සිදු කෙරෙන සියලු ම නීති විරෝධී ක්‍රියා පාලනය කිරීම සඳහා ජාතික පාරිසරික පනත, පස සංරක්ෂණ පනත ඇතුළු පාරිසරික අණ පනත් භාවිත කිරීම මෙන් ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අමතර වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම්වරු මෙන් ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද මේ සඳහා මැදිහත් විය යුතු බවට අවධාරණය කෙරින.
මෙම සම්මන්ත්‍රණයේ දී සිංහරාජ අඩවිය තුළ සිදු කෙරෙන හානි කර වන විනාශයන් හා සංවර්ධන ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන් අවධානයට ලක් කරන ලදී.
කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග්‍රාම නිලධාරී වසමේ කුඩව ප්‍රදේශයේ සිංහරාජ වන රක්ෂිතයට මායිම් ව පිහිටි අක්කර 211 ක් පමණ වන වනාන්තර ඉඩමක් එළිපෙහෙළි කිරීම හා මාර්ග සකස් කිරීම විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු වන චම්පික පල්ලියගුරු විසින් සිදු කරනු ලැබේ. මෙම ඉඩමට නීති විරෝධී ව විදුලි රැහැන් ඇදීම ද මේ වන විට සිදු කිරීමට සැලසුම් කර ඇත. ඉතා ම බෑවුම් සහිත භූමියක කුඩව ගඟ හා සම්බන්ධ අතු ගංඟාවන් තුනක් විනාශ කරමින් සිදු කරන මෙම වන විනාශ හේතුවෙන් ඊට පහළ පවුල් 60 ක ජනතාවට සිදු වන පානීය ජල අර්බුදය හා බට ඇටි කුකුළා, පඬුවන් බස්සා සහ රළු ගල්පර මැඩියා වැනි ඉතා ම දුර්ලභ ආවේණික ජීවීන් වාර්තා වන මෙම වනාන්තර කොටස එළිපෙහෙළි කිරීමෙන් සිදු වන හානි කර සහ නීති විරෝධී තත්වයන් මෙන් ම මෙම වනාන්තරය කඩිනමින් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීමේ අවශ්‍යතාව ද මෙහි දී අවධාරණය කෙරින.
බෝටියතැන්න අලිමංකඩේ ඉදිකෙරෙන හෝටල් හේතුවෙන් සිදු වන වනාන්තර ඛණ්ඩනය හා පනිල්කන්ද ප්‍රදේශයේ අක්කර 15 ක පමණ වනාන්තර ප්‍රදේශයක යටි ස්ථරය ඉවත් කර එනසල් වගා කිරීමෙන් සිදු වන හානි කර තත්වය පිළිබඳ ව ද මෙහි දී අවධාරණය කරන ලදී.
කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොද්දන ග්‍රාම නිලධාරී වසමේ සූරියකන්ද ප්‍රදේශයේ තංගමලේ කන්දේ සිංහරාජ වන රක්ෂිතය තුළ සිදු කරන අක්කර 10 ක පමණ වන විනාශය හා තේ වගාව ව්‍යාප්ත කිරීම පිළිබඳ ව අවධාරණයට ලක් කෙරින.
LOLC සමාගම හා මතුරට වැවිලි සමාගම එක් ව ඖෂධ පැලෑටි සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යැයි සඳහන් කරමින් ගොංගල කන්දේ අක්කර 30 ක සුවිශේෂි තෘණ බිමක් හා ජල රැදවුම් ප්‍රදේශයක් විනාශ කිරීමට ඉඩම් මැනීම් කර සැලසුම් සකස් කිරීම මෙන් ම LOLC සමාගමේ සභාපතිට අයත් යැයි සැලකෙන මොර්නිග් සයිට් ප්‍රදේශයේ වනාන්තරය තුළ පිහිටන සුවිශේෂී වනාන්තර ප්‍රදේශයක් එළි කර කිලෝමීටර් දෙකක් පමණ දිග මාර්ග සකස් කර තේ වගා කිරීම පිළිබඳ ව ද මෙහි දී අවධානයට ලක් කෙරිනි.
මීට අමතර ව ගොංගල කඳුවැටියේ සුවිශේෂී ජල රැඳවුම් තෘණ භූමියක අක්කර 50 ක් භාවිත කර සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම හා ඒ සඳහා එල්ලවිය හැකි වතුජනතාවගේ ප්‍රතිවිරෝධය වැළැක්වීම සඳහා වතු ජනතාවට ද ඉඩම් අක්කර 5 සහ 10 බැගින් බෙදා දීමේ ව්‍යාපෘතියක් LOLC සමාගමෙන් ක්‍රියාත්මක කිරීමට ඉඩම් මැනීම පිළිබඳව ද මෙහි දී අනාවරණය කෙරින.
මීට අමතර ව යෝශිත රාජපක්ෂ ට හෝ රෝහිත රාජපක්ෂ ට අයත් ගොංගල පිහිටි හෝටලයට පිවිසීමට හා ඒ හා සම්බන්ධ ව ක්‍රියාත්මක කිරීමට යෝජිත ව තිබූ සංචාරක ව්‍යාපෘතියට අදාළ ව සකස් කළ හේස්වත්ත – ගොංගල මාර්ගය හේතුවෙන් සිංහරාජ අඩවියේ සුවිශේෂි වනාන්තර පද්ධතියට සිදු වූ හානි කර තත්වය පිළිබඳ ව ද මෙහි දී විශේෂයෙන් අනාවරණය කෙරින.
මෙම සම්මන්ත්‍රණයේ මූලික අදහස් දැක්වීම ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පර්යේෂක සජීව චාමිකර, පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, හේමන්ත විතානගේ සහ ආචාර්ය ජගත් ගුණවර්ධන විසින් සිදු කරන ලද අතර සාකච්ඡා සභාවේ මුලසුන හෙඹවීම වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු, ජයන්ත විජේසිංහ, ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සභාපති, සුපුන් ලහිරු ප්‍රකාශ් සහ ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සභාපති, හසන්ත විජේතුංග විසින් සිදු කරන ලදී.