Breaking News

ඖෂධ ජාවාරම ගැන පුබුදු කළ හෙළිදරව්ව ගැන විමසූ විට කෙහෙළියට මළ පනියි

ලංකාවේ සෞඛ්‍ය ඇමති ඉන්දියාවේ කරන ඖෂධ ජාවාරම ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කළ හෙළිදරව්වෙන් පසු කෙහෙළියගේ නැට්ට රත් වී ඇති බව පෙනේ. ඊයේ(01) මාධ්‍යවේදීන් විසින් පුබුදු ජයගොඩ එල්ල කරන චෝදනා අසත්‍යදැයි විමසන අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ එම චෝදනා අසත්‍ය නොවන බවත් පුබුදු ඉටුකරන්නේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් බවයි. එසේම ඊළඟ මාසය වනවිට බෙහෙත් හිඟය නැති කරන බවද කෙහෙළිය පවසයි.

ඉන්දීය ක්‍රෙඩිට් ලයින් එක හරහා ඖෂධ මිලදී ගැනීමට ඇති ඉතිරි මුදලින් ඖෂධ මිලදී ගන්නට ගිය බව පැවසුවද එහි සැඟවුණු ව්‍යාපෘතියක් තිබෙන බව මාධ්‍ය හමුවක් පවත්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමාජය දැනුවත් කළා. ඒ අතර ඊයේ දිනයේදී ඖෂධ නියාමන අධිකාරිය තරු පන්තියේ හෝටලයක රැස්වී මේ ඖෂධ මිලදී ගැනීමට අනුමැතිය පළ කර ඇති බව අද පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ හදිසි මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කරුණු හෙළිදරව් කරනු ලැබුවා.

කෙහෙළිය ඊයේ දින සිදුකරන ලද ප්‍රකාශයට සමාජ මාධ්‍ය ඔස්සේ පිළිතුරු ලබාදෙමින් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේ 2022 වසර සහ 2023 වසරට අදාළ ඖෂධ ගෙන්වා ගැනීම අහිමිකරගත්තේ ගත්තේ ආණ්ඩුව බවයි. ඖෂධ ගෙන්වා ගැනීමට මුදල් වෙන් නොකර මේ හිඟය ඇතිකළේ ආණ්ඩුව බවයි. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලැබී මාස 7ක් 8ක් ගතව ඇති බවත් කෝප් කමිටුව පවා මෙම මිලදී ගැනීම් ප්‍රමාද වීම ගැන ප්‍රශ්න කර තිබියදී හදිසියේ දෙසැම්බර් මාසයේ මේ මිලදී ගැනීමට උත්සාහ කිරීම පිටුපස මොකක් හෝ කොන්ත්‍රාත්තුවක් ඇතැයි පැහැදිලිවෙන බව පුබුදු ජයගොඩ සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,
බෙහෙත් හිඟ වෙලා ලෙඩ්ඩු මැරෙයි කියන එකයි අතර සම්බන්ධයක් නැහැ. බෙහෙත් හිඟ වූ එකට මේ ආණ්ඩුව වගකියන්නඕනා . කෙහෙළිය රඹුක්වැල්ලලා ඇතුළු සෞඛ්‍ය ඇමති ධූර දරපු අය කැබිනට් එක ජනාධිපති වගකිව යුතුයි. මොකද ජනාධිපතිවරයා බලයට ඇවිල්ලත් දැන් මාස 06ක් විතර වෙනවා. මේ තරම් කාලයක් ඇයි ඖෂධ ගෙන්නුවේ නැත්තේ කියන ප්‍රශ්නය තියෙනවා. මේගොල්ලෝ හැමදාම කරන්නේ මේ සෙල්ලම. එක ඖෂධ වෙන්න පුළුවන් ගල් අඟුරු වෙන්න පුළුවන් ඒක වෙනත් දෙයක් වෙන්න පුළුවන් මුලින්ම ගෙන්වා ගත යුතු කාලයේදී ඒවා ගෙන්න ගන්නේ නැතුව මුලින් හිඟයක් ඇතිවෙන්න හදනවා. හිඟය ඇති වුනාට පස්සේ හිඟය ගැන කියලා බයකරලා ටෙන්ඩර් කැඳවීමකින් තොරව මේවා කැඳවනවා.”

 

 

 

leave a reply