නැවේ වන්දි ගැන තවම තීරණයක් නැහැ – නඩු පවරන්න හැකි කාලය මාස 06න් අවසන්

පරිසරයට වැඩිම හානියක් සිදු වූ ලෝකයේ විනාශකාරීම නෞකා අනතුර ලෙස හැඳින්වෙන ‘X-PRESS PEARL අනතුරින්’ වන්දි ලබා ගැනීම සඳහා නඩු පවරන්නේ ද යන්න ගැන මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැතැ යි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර පවසා තිබේ.

එම අනතුර සිදුවී මේ වනවිට වසර එකහමාරක් ගතව තිබේ. වන්දි ලබා ගැනීම සඳහා ශ්‍රී ලකාවේ නඩු පවරන්නේ නම් ඒ සඳහා ඉතිරිව ඇත්තේ තවත් මාස හයක් පමණි.

එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව හෝ නීති උපදෙස් ලබා දෙන ඕස්ට්‍රේලියානු සමාගම මේ දක්වා නිල දැනුම්දීමක් කර නැතැ යි සභාපතිවරිය BBC වෙබ් අඩවිය සමඟ පවසා තිබේ.

එමෙන්ම නඩු පැවරුව ද වන්දි ලබා ගැනීම සඳහා 2023 මැයි 20 වනවිට පරිසරයට සිදුවී ඇති හානිය සම්පූර්ණයෙන්ම ගණනය කිරීම කිසිසේත් අවසන් කළ නොහැකි බව ඊට සම්බන්ධ විශේෂඥ උපදෙස් දෙන අයෙකු පැවසූ බව එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

X-PRESS PEARL නෞකාව ගිනිගෙන, පිපිරීවලින් පසු මුදුබත්වන විට නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක්, වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් එහි තිබිණි.

එම ව්‍යසනයෙන් පසු කැස්බෑවුන්, ඩොල්ෆින්, තල්මසුන් ඇතුළු මියගිය මුහුදු ජීවින් රැසක් ශ්‍රී ලංකා වෙරළට ගොඩගැසූ අතර, තෙල් විසිරීමක් සහ වෙරළ දූෂණය වීම දක්නට ලැබිණි.

එම අවස්ථාවේම ආණ්ඩුව මැදිහත්වී පරිසරයට සහ ජන ජීවිතයට සිදුවූ හානිය සඳහා වන්දි ලබාගැනීම වෙනුවෙන් කිසිදු මැදිහත්වීමක් සිදුකරනු දක්නට නොලැබුණි. ඒ වෙනුවට දක්නට ලැබුනේ එවැනි පරිසර හානියක් සිදුව නැති බව පවසමින් මෙම ප්‍රශ්නය යට ගැසීමට උත්සාහ කිරීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...