ගලබොක්ක යාය වැනසීමට උඩගෙඩි දෙන රජයේ නිලධාරීන්ට ගම් වැසියන්ගේ විරෝධය

ගල් බොක්ක යාය කඳුවැටිය වනසමින් ලාභ ලැබීමට සැරසෙන ලංවා සමාගම වෙනුවෙන් පෙනී සිටින රජයේ නිලධාරීන්ට ගම්වාසීන්ගෙන් දැඩි විරෝධය එල්ල වී තිබේ. උඩවලව සංඛපාල ගල්බොක්කයාය කඳුවැටියේ අක්කර 256 ක භූමි ප්‍රමාණයක් සිමෙන්ති නිෂ්පාදනය සඳහා ඛනිජ කැණීමට ලංවා සමාගමට ලබාදීමට ආණ්ඩුව සූදානම් විය. මෙම කටයුත්ත තාවකාලිකව නවතා දමා තිබුණේ ඊට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේය. ඒ අනුව නැවත අදාළ කැණීම් කටයුතු සිදු කිරීමට යාමේදී පසුගිය දිනවල දී ද ජනතාගෙන් දැඩි විරෝධයක් එල්ල වු අතර ඒ සම්බන්ධයෙන් ලංවා සමාගම සිදුකළ පැමිණිල්ලකට අනුව ගල් බොක්ක යාය කඳුවැටිය සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ද කටයුතු කෙරිණ.

ඒ අනුව මෙම ඛනිජ ගැනීම සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කිරීමට යැයි පවසමින් අද දින සාකච්ඡාවක් පැවැත්වී තිබේ.
නමුත් මෙම සාකච්ඡාව පැවැත්වීමේ අරමුණ වී ඇත්තේ සිදු වන්නට යන බරපතළ පරිසර විනාශය සාධාරණීකරනය කිරීමයි. සාකච්ඡාව සඳහා ලංවා සමාගමේ නිලධාරීන් සමග ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්, ග්‍රාමසේවක ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් සම්බන්ධ වී ඇත. .ගල්බොක්ක යාය කඳුවැටිය සුරැකීමේ ජනතා ව්‍යාපාරය ක්‍රියාකාරීන්, ගම්වැසියන් ,පරිසරවේදී වෑකඳවල රාහුල හිමි ඇතුළු පිරිසගේ කරුණු පැහැදිලි කිරීම් අනුව අදාල නිලධාරීන්ගේ කරුණු දැක්වීම් බරපතල පරස්පරකින් යුක්ත විය.

මෙහිදී ලංවා සමාගමේ නිලධාරීන් කරුණු දැක්වීමට උත්සාහ කළ ද ජනතාවගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය. අවසානයේ මෙම පරිසර විනාශය සිදු කිරීමට තමන් කිසිසේත් ඉඩ නොතබන බව ජනතාව අදාල නිලධාරීන් ඉදිරියේ දැනුම් දුන් අතර ඒ වෙනුවෙන් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවද අවධාරණය කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...