ඉන්ධන පහළට ගෑස් ඉහළට

අප්‍රියල් 1දා සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තියෙනවා. ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර තිබේ. ඒ අනුව එම ඉන්ධනවල නව මිල රුපියල් 299ක් සහ මිල රුපියල් 361ක් වනු ඇති.

කෙසේ වෙතත් ඩීසල් වල මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර ඇති බව දැනුම් දෙන එම සමාගම පහත මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් ද ,කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 168 වැඩි වෙන බව එම ආයතනය ප්‍රකාශ කරනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 4,100 ලෙසත් කිලෝග්‍රෑම් 5ක ගැසිලින්ඩරයක නව මිල රුපියල් 1,645 ලෙසත් නව මිල අනුව මිල ගණන් වෙනස් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...