කීරිසම්බා ප්‍රශ්නයට විසඳුම රටින් ගෙන ඒම – යළි හාල් පිටරටින් ගේන්න කැබිනට් අනුමැතිය 

මේ වන විට දේශීය වෙළෙඳපොළේ ඇතිවී තිබෙන කීරි සම්බා අර්බුදය සමථයකට පත් කිරීම සඳහා පොන්නි සම්බා (GR 11) ලෙස හඳුන්වන සහල් වර්ගය ආනයනය කිරීමට  කැබිනට් අනුමැතිය ලැබුණු බව  අද කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා .මෙම යෝජනාව ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ඒකාබද්ධ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ  තිබේ. 

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු සපයමින් කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ පිටරටින් හාල් ගෙන්වීම තීරණය කරන්න සිදුවන්නේ නිෂ්පාදනයේදී සිදුවන උච්ඡාවචේචනයන් සහ වේළඳපොළේ ඇතිවෙන පාරිභෝගික අවශ්‍යතාවය මත බවයි . කීරි සම්බා මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහාද යම් අවස්ථාවලදී පිටරටින් හාල් ගෙන්වීමට සිදුවන බව ඔහු පෙන්වා දෙනවා . පිටරටින් හාල් ගේනවද නැද්ද කියන එක කලින් පුරෝකථනය කරන්නට බැරි  බව ද කැබිනට ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේ මෙවර පොහොර සහනාධාරය ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක් වැඩිපුර භාණ්ඩාගාරයෙන් වෙන් කරගත් බවත් වගා කරන බිම් ප්‍රමාණය වැඩි කරමින් අස්වැන්න ද වැඩිපුර ලබා ගත්තද කවර හෝ හේතුවක් මත වෙළඳපළේ හාල් හිගයක් නිර්මාණය වී ඇති බවයි .  දත්ත තොරතුරු මත හෝ වෙන කාරණයක් මත හෝ කිරි සම්බා වෙළඳපොළේ අඩුවක් පවතින බව පවසනවා . ඊට මුහුණදීම සඳහා  ආනයන කරුවෙකුට මෙට්‍රික් ටොන් පන්සිය විස්සක සීමාවකට යටත්ව හාල් ආනයනය කරන්නට හැකියාව ලැබෙන අතර කාල සීමාව ඔක්තෝම්බර් 15 වැනි දා සිට නොවැම්බර් 15 වන දා දක්වා ආදේශක හාල් වර්ගය ආනයනය කිරීමට අවස්ථාව  වෙනවා .

Share post:

Popular

More like this
Related

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...