මේ මල් ගැනම නොවේ!!

හැම තැනම බෙදීම්නේ.ඒක මල්වලටත් එකයි.දිය ගොඩ,උදේ දවල් රෑ,වනමල් මැද මිදුල් මල්,සුවඳ ගඳ ,මිල වැඩි අඩු,පාට හිමි අහිමි ඔය වගේ බෙදීම් ගොඩයි.

ඒ අතරේ උඩරට මල්,නුවර මල්වලට තමයි වැඩි ඉල්ලුම.පහතරට මනමාලියෝ,සැරසිලිකාරයෝ විතරක් නෙවි පන්සල් ,පල්ලි පවා ඉල්ලන්නේ උඩරට මල්.උඩරට ඔහේ පිපුණත් පහතරටට එද්දී එව්ව හරි ගණන්.

මලක් කියන්නේ ජීවිත අනියතබවේ සංකේතය.මේ මල්මෙන් සිත පිරිසිදු වේවා මේ මල් මෙන් සිත නිවනට යේවා කියලා මල් පූජ කරන්න ඕන වුනාට අපි නම් ඕව ගණන් ගන්නේ නෑ.

මලත් ඉතින් වාසියට තමයි.මල් පූජ කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එළෝ මෙළෝ සුව.

මල්වල පාට අනුව පුදන දෙවිවරු ඉන්නව.කහමල් පත්තිනියට .රතුමල් කතරගම් දෙවියන්ට.විෂ්ණුට නිල් මල් පුදද්දී හූනියම් දේවතාවට සුදුමල්.මිශ්‍ර පාට මල් කාලියට.

අරමුණ ඒකීයනම් මොන මලත් පූජාසනයට සුදුසුයි.එක මලක් පූජ කළත් ඇති.ඒත් අපි එහෙම සැනසෙන අය නොවෙයිනේ.

පුවක්මල්,පොල්මල් කියන්නේ සියදිවිනසාගන්නම උපන් මල් වර්ග. මිනිසුන්ට සුබඵල ගෙනත් දෙන්න මේ මල්වලට අසුබ ගමන් යන්න වෙනව. මතුපිටින් නොපෙනුනාට මේවත් ප්‍රශ්න තමයි .

වැටකෙයියා ,රත්/රන් දෝතළු මල්වලටත් ඔය ආනිසංසයම තමයි.රත් දෝතළු කියන්නේ ලංකාවට ආවේණික දුර්ලභ ශාකයක්.2020රතු දත්ත පොතටත් ගිය රත් දෝතළු මල් අන්ධ විශ්වාස ,භක්තිය හා මෝහය නිසා අපිට නැතිවෙන තැනක තියෙන්නේ.

මේ කතාමල්වලට විතරක් නෙවි. යාලට කඩාවැඳුණු උම්මත්තකයොත් පෙන්නුවේ ජාතියක් වඳවෙන හැටි.පරිසරය ,උරුමයන් තව පරම්පරා ගාණක් උදෙසා වුනාට මෝහයට පුළුවන් මොහොතින් ඒව විනාස කරන්න.ලංකාවේ අලිය,කළු දිවිය,මිරිදිය මාළුව මේ හැමෝටම අත්වෙන්නේ මෝහයේ උරුමය.

මේ හැම දෙයක් අස්සෙම තියෙන්නේ ලංකාවේ අධ්‍යාපනයේ දුර්වලකම.දැනුම මනින අධ්‍යාපනයක ආකල්පවලට අවම තැනක්.ඒ වගේම භාවිතය ඇත්තෙම නැති න්‍යායික අධ්‍යාපනයක්.

ඒ ඒ ප්‍රදේශවල පවතින සම්පත් ,වටිනාකම්,භාවිතයන් ගැන කතාවෙන අධ්‍යාපනයක් අපිට ඕන.පාරම්පරික උරුමයන් ,හැකියාවන් ගැන අපේ හැඟීම අල්පයි.

සම්ප්‍රදායික දැනුම අන්ධ භක්තිමත්බවෙන් නෙවි ව්ද්‍යාත්මක චින්තනයෙන් කලඑළි බහින්න පුළුවන් නම් ඒක අනාගතයට ආයෝජනයක් වේවි.

දහතුන් වසරක අධ්‍යාපනයක් තිබ්බත් අපි තාම කාපු ටොපිකොළය පාරට වීසිකරන,කෙළ ප්‍රසිද්ධියේ පහකරන,ගස්වල අතුඉති කඩ කඩා කතාකරන,මලක් දැක්කොත් කඩල පොඩිකරන දරුවො හදන්නේ.

එහෙව් තත්වයක් මත මල්පූජ කරල අපල උපද්‍රව බැහැර කිරීමේ අන්ධ භක්තිය තව ඉඳිරියේ තව තව ලියලාවි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...