ලබු ගිරවා සහ වෘක්ෂලතා සහ වනජීවී ආඥාපනත

ජෙනී…ජොනී…වගේ නම් දාගෙන කොම්බු නාලිකාවේ බම්බු නටන්න පාවිච්චි කල මෙයාගේ විද්‍යාත්මක නාමය psittacula eupatria නැත්නම් පොදු ව්‍යවහාරයේ Alexandrine parakeet හෙවත් සිංහලෙන් “ලබු ගිරවා”.මේ සේයාරූ වල පලවෙනියට ඉන්නේ එයලගෙ පිරිමි සතෙක්.ජෝඩුවම ඉන්න එකකුත් තියෙනවා.”ජෙනී” කියලා කියන්නේ එයාලගෙ ගෑණු සත්වයෙක්.කෙසේ වෙතත්…,

ICUN වර්ගීකරණය අනුව මෙයාලා වඳවීයාමට ආසන්න කාණ්ඩයේ සත්වයින්.ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා සහ වනජීවී ආඥාපනත අනුව මෙයාලා ආරක්ෂිත පක්ෂීන් වනවා.2009 සංශෝධිත පනතේ 31 (1) වගන්ති ප්‍රකාරව එවන් පක්ෂියෙක් ලඟ තබාගැනීම හෝ තම පාලනයේ තබා ගැනීම වරදක් වන අතර,වනජීවී දෙපාර්තමේන්තුවට,වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පොලිසියට වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමට හැකියාව පවතිනවා.එසේ නම්…

මන්දිරයේ පැපොල් කෑවා වගේ,පිහිනුම් තටාකයේ පිහිනුව අය රහස් පොලිසිය පවා යොදවා සොයන්න උනා වගේ මහන්සියක් නැහැ.නීතිය ක්‍රියාත්මක කරන්න හරිම පහසුයි.යාල හාපු අය සමඟ එකතු වෙලා වගේ…තවත් හාන්නේ නැතුව මේ දේවල් වලට දඩුවම් කරන්න.මොකද එසේ නොවුන හොත් නයි පවා නටවලා පුරුදු මෙයාලා තව තව ගොඩක් සත්තු ගෙනල්ලා නටවන්න ඉඩ තියෙනවා.අනෙක් එක මෙවන් තිරස්චීන මිත්‍යාදෘෂ්ඨික වැඩ වලින් සතුන්ට හිංසා කරලා ප්‍රේක්ෂකයා මුලා කරලා Rattlings වැඩි කරගන්න තරම් බංකොලොත් වෙන්න එපා.

Vimukthi Wijesundara

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...