හිම වැසුණු නිම්නයක

හිම වැසුණු
නිම්නයක
කළු අසරු නික්ම ගිය රාත්‍රියේ
රිදී පැහැ ගොතන කටුවක එළියට
පෙම් බඳින
වසීලිස්සාය

අඳුරු වනය තුළ
සීතලෙන් මිරිකී
ජීවිතය සොයා යන
දුර ගමනක යෙදෙන
වසීලිස්සාය

හුදෙකලා සීතල නිමා කර
රතු අසරු පැමිණෙන හිමිදිරි උදෑසන
ප්‍රේමයේ ගෙත්තම් සොයා යන
වසීලිස්සාය

ප්‍රේමයේ ගෙත්තම්
අසිරිය විඳින
සොඳුරු හදවතක් අසබඩ
හුදෙකලා දිගු ගමන
නිමා කළ වසීලිස්සාය

 

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...