රනිල්ගේ රෙද්දෙ ‘නිදහස’

අද දිනයේ කෝටි ගණනක් වියදම් කර නිදහස් උත්සවය නම් මොකක්දෝ එකක් සමරමින් තිබේ. ඒ අතර වාර්තා වෙන තවත් පුවතකින් කියවෙන්නේ ඊයේ දවසේ සාමකාමී ලෙස සත්‍යග්‍රහයක නිරත වූ පිරිසට එල්ල කළ ප්‍රහාරයෙන් පසු හතරදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පැවසුනත් මේ වනතුරු රෝහල් ගතකර නැත.

එසේම මේවනතුරු නීතිඥවරුන්ට ඔවුන් බැලීම සඳහා අවස්ථාවක් ලබාදී නැත.

අත්අඩංගුවට ගත් අය වන්නේ යහම්පත් කෞෂල් මොරවක , පියත් නිකේෂල, නූර් ජාන්, අර්ජුන යන අයයි.

නිදහස යනු ඕනෑම කෙනෙකුට හිමිවිය විය යුතු තත්ත්වයකි. නමුත් පෙනෙන්නට තිබෙන්නේ මේ රටේ නිදහස ඇත්තේ එක් පිරිසකට පමණක් බවයි. එය වැරදි බව පෙන්වා දෙන්නන්ට සිදුවන්නේ තම නිදහස අහිමි කරගනිමින් හිරේ විලංගුවේ වැටීමටයි. රනිල්ලා සමරන නිදහස බොරු නිදහසක් වන්නේ එහෙයිනි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...