පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 121 පමණ මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. මේ තත්ත්වය ඇති වීමට ප‍්‍රධාන හේතූන් වී ඇත්තේ අලි – ඇතුන්ගේ වාසස්ථාන ශීඝ‍්‍ර‍්‍රයෙන් විනාශ කිරීම හා එම වාසස්ථාන කොටස් වලට බෙදී වෙන් වන පරිදි සිදු කරන හානිකර සංවර්ධන ක්‍රියාවලීන් ය.
දැනට පවතින අලි – මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය කිරීමට වත්මන් රජයේ සමහර අමාත්‍යවරුන්ගේ වැරදි තීන්දු තීරණ තවදුරටත් ඉවහල්වෙමින් පවතී. ඒ අතුරින් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද හානිකර තීන්දුවක් ප‍්‍රමුඛ වේ. චමල් රාජපක්ෂ මහතා විසින් මහවැලි අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති හා මහ පරිමාණ ඒක භෝග වාණිජ්‍ය වගාවන් සඳහා ලබා දීමට කටයුතු කරන ලෙස ය. මේ අනුව අද වන විට ශීඝ‍්‍රයෙන් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් මහ පරිමාණයෙන් සමාගම් වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති අතර එම ඉඩම් මහ පරිමාණයෙන් එළි පෙහෙළි කිරීම මේ වන විට සිදු කෙරේ.
ගල්වැව, වැලිවැව, කුරුදාන, කැටැන්වැව, ගලහිටිය වැවට ඉහලින් පිහිටි අන්දර වැව දක්වා ප‍්‍රදේශය ගොන්නෝරුව හා බුරුතන්කන්ද අතර ප‍්‍රදේශ වල අක්කර 2000 කට වැඩි ප‍්‍රදේශයක් ඩෝසර් යන්ත‍්‍ර භාවිතා කරමින් මහ පරිමාණයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම මේ වන විට සිදු කෙරේ. හිටපු ගුවන් හමුදාපතිවරයකු වන ඔලිවර් රණසිංහ මහතා විසින් ගොන්නෝරුව හා බුරුතන්කන්ද අතර අක්කර 500 ක භූමියක් සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘතියක් සිදු කිරීම ස`දහා අලූතින් එළිපෙහෙළි කිරීම සිදු කරයි.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සිට මදුනාගල අභය භූමිය දක්වා අලි ගමන් කිරීම සිදු වන බුරුතන්කන්ද අලිමංකඬේ ඉඩම් සියල්ලම මහවැලි අධිකාරිය මඟින් ජනතාවට බෙදා දීමේ ප‍්‍රතිඵලයක් ලෙස මදුනාගල අභය භූමිය තුළ අලි – ඇතුන් 18 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් කොටු වී සිටී. මේ සතුන් ඒ අවට ගම්මාන වලට පිවිසීම හා වගා බිම්වලට පැමිණ වගා හානි කිරීම නිරන්තරයෙන් සිදු වේ.
මීට අමතර ව මාගම්පුර වරාය ඉදි කිරීමට යොදා ගත් වනාන්තර අක්කර 5000 ක භූමියේ දැනට ඉතිරි වී තිබෙන වනාන්තර අක්කර 2500 ක කොටසෙ හි ද අලි – ඇතුන් 20 ක් පමණ රැදී සිටී. මෙම සතුන් රාත්‍රි කාලයේ ගම් වැදීම නිසා ගැටලූකාරී තත්ත්වයන්ට ඒ අවට ජනතාවට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වේ. මීට බලපා ඇති ප‍්‍රධාන හේතුව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය හා මෙම වනාන්තර කොටස අතර සම්බන්ධතාව බිඳවැටීමයි.