ප්‍රාදේශීය සභාවල රහස් ඡන්දය නවතන්නැයි ඉල්ලූ පෙත්සම් විසිවෙයි

සීතාවක නගර සභාව, සීතාවක ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක සභාපති සහ උපසභාපති තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් එම පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් අභියාචනාධිකරණය නිශ්ප්‍රභ කර තිබේ.

සීතාවක ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර එහි වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ඇතුළු පිරිසක් නම් කර තිබී ඇත.

පෙත්සම්කරුවන් පෙත්සම මඟින් පෙන්වා දී තිබුණේ සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය විපක්ෂය සතුව තිබියදී සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරාපත් කරගැනීමට පසුගියදා බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානයත්වයෙන් රැස්වීමක් පැවැති අතර එහිදී අදාළා තෝරා ගැනීම් සිදුකිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරිය තීරණය කළ බවයි.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ගෙන ඇති අදාළ තීරණය නීතියට පටහැනි බවත් එය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

බස්නාහිර පළාත් කොමසාරිස්වරියගේ තීරණ සම්බන්ධයෙන් මුලින්ම ගැටළුවක් පැන නැගුනේ ඇය කොළඹ නගර සභාවට අදාළ නගරාධිපති පත් කිරීමේ අවස්ථාවේදී රහස් ඡන්දයකට යාම පිළිබඳවයි. එහිදී නැගුනු චෝදනාවක් වූවේ විවෘත ඡන්දයක් පැවැත්විය හැකිව තිබියදී ඇය රහස් ඡන්දයකට ගියේ ජාතික ජන බලවේගය සඳහා සහය දීමට බවයි. විශේෂයෙන් ජාතික ජන බලවේගයට බහුතරය නොතිබූ නගර සභාව තුළ ඔවුන් තම බලය පිහිටුවීම සඳහා අනෙක් පක්ෂවල නියෝජිතයන්ගේ සහය ගෙන තිබුණි. නමුත් රහස් ඡන්දයක් පැවැත්වීම හරහා ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන්නේ කවුද යන්න හෝ ජාතික ජන බවේගයට සහය ලබාගත්තේ කාගෙන්ද යන වග ජනතාවට දැනගත නොහැකි වුණි.

විවෘත ඡන්ද පැවැත්වූ ස්ථාන බොහොමයක ජාතික ජන බලවේගය විපක්ෂයේ ප්‍රධාන පක්ෂවල නියෝජිතයන්ගේ සහයෙන් බලය පිහිටවූ බව දැකගත හැකි විය.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...