ජනප්‍රිය පුද්ගලයකු පිළිබඳ පැතිර ගිය කටකතාව ජීවිත 153ක් බිලි ගනී.

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන ආකාරයට දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුම් උත්සවයේ ඛේදවාචකයට මුලපුරා තිබෙන්නේ ජනප්‍රිය පුද්ගලයෙකු බාර් එකක සිටින බවට පැතිර ගිය කතාවකි. කොරෝනා වසංගත තත්වය තුළ පනවා තිබුණු තහනම් ඉවත් කර හැලෝවීන් උත්සවයක් දකුණු කොරියාවේ පැවැත්වූ ප්‍රථම වතාව මෙය වේ. එහෙයින් මෙම උත්සවය සමරන්න විශාල වශයෙන් තරුණ කොටස් සම්බන්ධ වී සිටීම විශේෂත්වයක් වුණා. නිදහස් අවකාශය තුළ ගලා ගිය කටකතාව තරුණ සංහාරයක ඛේදවාචකය ලෝකය ඉදිරියේ ඉතිරි කර තිබේ . පෑගී තෙරපී මිය ගොස් තිබෙන අය අති බහුතරය වයස අවුරුදු තිහට අඩු තරුණ තරුණියන්ය. 153 දෙනෙකු මිය ගිහින් තිබෙන අතර 19 විදේශිකයන් වනවා. මේ අතර ශ්‍රී ලාංකික තරුණයෙකුද සිටියි . මියගිය විදේශිකයන් අතර ඉරානය, උස්බෙකිස්තානය, චීනය සහ නෝර්වේ ජාතිකයන් ද වේ . ගිනි නිවන ඒකකයේ ප්‍රධානියාට අනුව තුවාල ලැබූවන් 82 දෙනෙකු වන අතර ඉන් 19 දෙනෙකුගේ තත්ත්වය බරපතලය. අතුරුදහන් වූවන් සම්බන්ධ පැමිණිලි 355 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කරනවා. මෙම ඛේදවාචකය සිදු වූ ස්ථානය අවට ලක්ෂයකට අධික පිරිසක් රැඳී සිට ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. එම තත්ත්වය පාලනය කෙරෙන තුරු ශෝක කාලය ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි එරට ජනාධිපති කාර්යාලය සඳහන් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...