වැලිකඩ, අනුරාධපුර බන්ධනාගාර වල CCTV කැමරා නෑ – බන්ධනාගාර මූලස්ථානය

වැලිකඩ හෝ අනුරාධපුර බන්ධනාගාර භූමියේ සීසීටීවී පහසුකම් නොමැති බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.

මෙතෙක් සීසීටීවී කැමරා සවිකර ඇත්තේ බූස්ස, අඟුණුකොලපලස්ස සහ කළුතර බන්ධනාගාර වල පමණක් බව බන්ධනාගාර මූලස්ථානය පවසා සිටින බවයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ.

ඒ අනුව, “රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ සිද්ධීන් පිළිබඳව සොයා බැලීම සඳහා සීසීටීවී කැමරා දර්ශන ලබා ගත නොහැකි වනු ඇත” යැයි බන්ධනාගාර නිලධාරීන් ලංකාදීප පුවත්පතට පවසා තිබේ.

ලංකාවේ ඇතැම් ස්ථානවල සීසීටීවී වැඩ කරන්නේ අරුම පුදුම ආකායකිනි. යම්කිසි නිර්ප්‍රභූ පුද්ගලයෙකු වැරදි කළහොත් එම සීසීටීවී ඉතා හොදින් වැඩ කරනු ලබයි. නමුත් රට තුළ ආන්දෝලනයක් ඇතිවෙන සිද්ධියකට යම්කිසි ප්‍රභූ පුද්ගලයෙකුට එරෙහිව චෝදනා එල්ල වූ සෑම අවස්ථාවකදීම එම සීසීටීවී අක්‍රීය වී තිබී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...