මිරිහාන ජන අරගලයට වසරයි – අද මිරිහාන ජුබිලි කණුවට එකතුවෙමු

මිරිහානට එකතුවූ ජනයා ප්‍රර්ථනා කළේ වැඩිමිලට තෙල්, විදුලිය ලබාගැනීමද? ජනතා දේපොළ විකිණීමද? ණය කන්දක සිරවී සිටින රට තව තවත් ණය උගුලේ පැටලවීමද? නැතිනම් නිදහසේ යහපත් ලෙස ජීවත්විය හැකි රටකද?

පෝලිම්, අපේක්ෂා භංගත්වය එක්ක මර්දනය හමුවේ මීලගට සිදුවන්නේ කුමක්ද යන්න බලා සිටි ජනතාව අන්තිමේදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිටම සිය විරෝධතාවය දැක්වූවා. එම ජන අරගලයට අදට වසරක් පිරී තිබේ.

නමුත්, එදා ජනතාව ලෙස ඉල්ලපු ක්‍රම වෙනස, දූෂිතයින් ට දඩුවම් කිරීම , හොරා කෑ ධනය අත්පත් කර ගැනීමට මොකද උනේ? අදත් මේ දූෂණ වලට සෘජුවම සම්බන්ධ පිරිස් මේ රට පාලනය කරනවා. ඔවුන් අපේ කිසිම අනුමැතියකින් තොරව රටේ සම්පත් විදේශයන්ට විකුණමින් ඉන්නවා. එහෙම නම් අපි බලාපොරොත්තු වූ ක්‍රම වෙනස මේකද?

මතු පරපුරක් වෙනුවෙන් දිවි පරදුරට තැබූ ඒ සොදුරු අරගලකරුවන් එක්ක
2023 මාර්තු 31
සවස 5.30 ට
මිරිහාන ජුබිලි කණුව මංසන්ධියේදී හමුවෙමු.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...