පොහොට්ටුව පරණ පුරුදු සෙල්ලම අරඹයි

Date:

පොදුජන පෙරමුණ යුද්ධය තොරම්බල් කිරීමේ පරණ පුරුදු සෙල්ලම කිරීම ආරම්භ කර තිබේ. වර්තමාන ආණ්ඩුව රණවිරුවන් අපහසුතාවට පත්කරන්නේ යැයි පොදුපෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ යට කී කරුණ අළලා මල්වතු සහ අස්ගිරි නා හිමිවරු වෙත නිකුත් කර ඇති ලිපියක ය.

එම ලිපිය අනුව ඔහු සඳහන් කරන්නේ මවු බිමෙහි නිදහස වෙනුවෙන් සිය දිවි දෙවන කොට සිය රාජකාරිය ඉටු කළ රණවිරුවන් උපක්‍රමිකව පීඩාවට පත්කිරිමට මාලිමා ආණ්ඩුව කටයුතු කරන බවයි.

එබැවින් මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් දිවි හිමියෙන් කැප වූ රණ විරුවන් වෙනුවෙන් එම දේශපාලන ව්‍යාපාරය නොපැකිළව කටයුතු කරන බවත් ඒ සඳහා මල්වතු අස්ගිරි නා හිමිවරුන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වන බවත් එම ලිපියේ සඳහන් වේ.

මේ සිදුකරන්නේ වෙන කිසිවක් නොවේ. යුද්ධය තොරම්බල් කර ජාතිවාදිය අවුස්සා තමන්ට නැවත බලයට පැමිණීමට හැකි මගක් පාදා ගැනීමයි.

මතු පළ වන්නේ පොදුපෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් විසින් “රණවිරුවන් පීඩාවට පත්කිරීම පිළිබඳව වන සැලකර සිටීමයි” යන ශීර්ෂයෙන් යුතුව මල්වතු සහ අස්ගිරි දෙපාර්ශ්වය වෙත ඉදිරිපත් කර ඇති එක් ලිපියකි.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...