මෙයට ද ජීවිතය යැයි පද’රුත් බඳින්නේ….

වස්සානය,
නැත හැමකල් වඩින්නේ
ඒ සමය ….

මල් පූදිනු ඇති
විහඟ ගී සවනත
රැව් පිළිරැව් දෙනු ඇති
සිත තුටින් පිරෙනු ඇති
ජීවිතය,
ජීවත් වන බව දැනෙනු ඇති ..

සමය අවසන් ව
ගිම්හානය ද හිම් හිමින්
වඩිනු ඇති …

නැත, හිත තුටින්නේ
විඩාබර බව දැනෙන්නේ
සිහින දුර ඈත සිට
සෙමෙන් අත වනන්නේ..

නමුදු,
නැත ජීවිතය මියෙන්නේ..

යළිදු එසමය නිමා වී
වසන්තයෙ මල් පිපෙන්නේ

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...