ලැජ්ජා නැති රනිල්

සියඹලාණ්ඩුව ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසිලිමත් වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ ගසක් යට වාඩිවී ගැමි දරුවන් සමඟ සුහඳ කතාබහක නිරත වූ බව පැවසෙන ඡායාරූප පෙළක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රචාරය කර තිබේ. රනිල් තම දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා දරුවන් යොදාගන්නේ උද්ඝෝෂණ සඳහා දරුවන් යොදාගැනීමට එරෙහිව පියවර ගන්නා ලෙස පොලීසියට පැවසීමෙන් දින කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.

මෙවැනි ස්ථානවලට පැන පහර දීමට පොලීසියක් ඉදිරිපත් නොවන නිසා දරුවන්ගේ ආරක්ෂාව ගැන නම් ප්‍රශ්නයක් නැත. නමුත් මේ දරුවන් වෙනුවෙන් රනිල් කර ඇත්තේ කුමක්ද?

සියඹලාණ්ඩුව යනු වසර ගණනක් තිස්සේ රටේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ලෙස නම් කෙරෙන ප්‍රදේශයකි. මේ දරුවන්ගේ දෙමව්පියන් පමණක් නොව ඔවුන්ගේ දෙමව්පියන්ගේ තරුණ අවධියේ සිට රනිල් විවිධ අයුරින් රටේ පාලනයට සම්බන්ධ වී තිබේ. නමුත් මේ ජනතාවගේ ජීවිතවල කිසිදු වෙනසක් කිරීමට රනිල්ලා තඹ තොයිතුවක උත්සාහයක් ගත්තේ නැත. ඒ වෙනුවට ඇතැම්විට මේ දරුවන්ගේ සීයලා ආච්චිලාගේ පරම්පරාවේ නෑදෑයන් රනිල්ලාගේ මර්දනයේ ගොදුරු බවට පත්වන්නටද ඇත. නැතිනම් ඇතැම් නෑදෑයන් ගොවි ණය , ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගැනීමට නොහැකිව සියදිවි නසාගන්නට ඇත. රනිල් කිසිදු ලැජ්ජාවකින් තොරව මේ දරුවන් සහ ජනතාව අතරට යන්නේ එවැනි තත්ත්වයකදියි. ඇත්තට සිදුවන්නට නියමිත වී ඇත්තේ රනිල්ගේ ඉදිරි යෝජනා හරහා මේ දරුවන් ඇතුළු දුප්පත් ජනතාවගේ ගෙල තව තවත් සිරවිමයි. එවැනි දේවල්වලට එරෙහිවන උද්ඝෝෂණ සඳහා මේ දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සහභාගී වුනත් රනිල්ගේ පොලීසිය පැමිණ ඔවුන් කුදලාගෙන යනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...