Breaking News

ලැජ්ජා නැති රනිල්

සියඹලාණ්ඩුව ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසිලිමත් වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ ගසක් යට වාඩිවී ගැමි දරුවන් සමඟ සුහඳ කතාබහක නිරත වූ බව පැවසෙන ඡායාරූප පෙළක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රචාරය කර තිබේ. රනිල් තම දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා දරුවන් යොදාගන්නේ උද්ඝෝෂණ සඳහා දරුවන් යොදාගැනීමට එරෙහිව පියවර ගන්නා ලෙස පොලීසියට පැවසීමෙන් දින කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.

මෙවැනි ස්ථානවලට පැන පහර දීමට පොලීසියක් ඉදිරිපත් නොවන නිසා දරුවන්ගේ ආරක්ෂාව ගැන නම් ප්‍රශ්නයක් නැත. නමුත් මේ දරුවන් වෙනුවෙන් රනිල් කර ඇත්තේ කුමක්ද?

සියඹලාණ්ඩුව යනු වසර ගණනක් තිස්සේ රටේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ලෙස නම් කෙරෙන ප්‍රදේශයකි. මේ දරුවන්ගේ දෙමව්පියන් පමණක් නොව ඔවුන්ගේ දෙමව්පියන්ගේ තරුණ අවධියේ සිට රනිල් විවිධ අයුරින් රටේ පාලනයට සම්බන්ධ වී තිබේ. නමුත් මේ ජනතාවගේ ජීවිතවල කිසිදු වෙනසක් කිරීමට රනිල්ලා තඹ තොයිතුවක උත්සාහයක් ගත්තේ නැත. ඒ වෙනුවට ඇතැම්විට මේ දරුවන්ගේ සීයලා ආච්චිලාගේ පරම්පරාවේ නෑදෑයන් රනිල්ලාගේ මර්දනයේ ගොදුරු බවට පත්වන්නටද ඇත. නැතිනම් ඇතැම් නෑදෑයන් ගොවි ණය , ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගැනීමට නොහැකිව සියදිවි නසාගන්නට ඇත. රනිල් කිසිදු ලැජ්ජාවකින් තොරව මේ දරුවන් සහ ජනතාව අතරට යන්නේ එවැනි තත්ත්වයකදියි. ඇත්තට සිදුවන්නට නියමිත වී ඇත්තේ රනිල්ගේ ඉදිරි යෝජනා හරහා මේ දරුවන් ඇතුළු දුප්පත් ජනතාවගේ ගෙල තව තවත් සිරවිමයි. එවැනි දේවල්වලට එරෙහිවන උද්ඝෝෂණ සඳහා මේ දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සහභාගී වුනත් රනිල්ගේ පොලීසිය පැමිණ ඔවුන් කුදලාගෙන යනු ඇත.

leave a reply