අපි පාස්කු ප්‍රහාරය සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් කරනවා. දැන් කට්ටිය බය වෙලා.

Date:

පොලිස් දෙපාර්තමේන්තුව පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණය කිරීමට සුදුසු දෙපාර්තමේන්තුවක් බවට පත්කර ඇති බව අද පැවති ජන හමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියා. 2019 පාස්කු ප්‍රහාරයෙන් බලය ගන්න පාස්කු ප්‍රහාරය පිළිබඳව මතුර ගිය අය අවුරුදු පහකට පසුව කෝමා තත්ත්වයෙන් අවදි වී අර වාර්තාව දෙන්න මේ වාර්තාව දෙන්න කියා ප්‍රකාශ නිකුත් කරන බව එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියා.

ඒ වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහගේ වාර්තා ඒවා විමර්ශන කමිටු වාර්තා නෙවෙයි. මම කතා කරලා මේ පිළිබඳව හිටපු ජනාධිපති ලේකම්වරයාගෙන් විමසුවා ඔහු මට කිව්වා එක් වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කරලා තියෙනවා, මහජන අමාත්‍යාංශයේ ආරක්ෂක ලේකම්වරයාට යොමු කරලා තියෙනවා කියලා.

තව වාර්තාවක් නීතිපතිවරයාට යොමු කරලා තියෙනවා මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම් වෙත යොමු කරලා තිබෙනව අග රදගුරු මණ්ඩලයේ ලේකම් රදගුරු තුමා වෙතත් ලබා දීලා තිබෙනවා. ඒ අනුව මේ වාර්තා කිසිවක් රහස් වාර්තා නෙවෙයි ඒවා දැනටමත් අදාළ ආයතන වෙත යොමු කරලා තියෙනවා.

රනිල් වික්‍රමසිංහගේ වුවමනාව තිබුණේ පරීක්ෂණ ඇත්ත දිශාවට යොමු කිරීමට නෙමෙයි ඒවා යට ගැසීමටයි. සමහර කමිටු නිර්මාණය කළොත් ඒ වෙනුවෙන්. අපි බලය අරගෙන කෙටි දවසකින් පොලිස්පතිවරයාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් උපදෙස් ලබා දුන්නා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණය ආරම්භ කරන්න කියලා .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මේ විධිමත් පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ කෝමා තත්ත්වයෙන් හිටපු අය අවදිවෙලා පරීක්ෂණ කඩාකප්පල් කරන්න අකුල් හෙලන්න පටන් අරගෙන ඇති බවයි.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...