මාතලේ විජය විද්‍යාලයේ සමූහ මිනී වළට ගෝඨාභය පැටලෙන ලකුණු

ගෝඨාභයත් අත් අඩංගුවට ගෙන විමර්ශන දියත් කරන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කරනවා .ඔහු මේබව පැවසුවේ අනුරාධපුරයේ පැවැති සම්මන්ත්‍රණයකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු

“මේක රනිල්ගෙන් හරි කාගෙන් හරි දේශපාලන පළිගැනීමක් නොවේ. අපි ඒ හැඟීමෙන් නොවේ මැදිහත් වෙලා ඉන්නේ. අපේ සහෝදර සහෝදරියෝ දස දහස් ගණනක් මැරුවාට අපි ඕනෑනම් සමාව දෙන්නම්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි මොකක්ද මේ ඉල්ලන්නේ? ඉල්ලන දේ හරි නිශ්චිතයි. ඉල්ලන දේට සිංහල භාෂාවෙන් කියන්නේ ‘සංක්‍රාන්තික යුක්තිය’. සිදුවුනේ මොකක්ද කියලා හෙළිකරන්න ඕනෑ. බටලන්දේ මිනීමරපු රනිල් වික්‍රමසිංහ විතරක් නොවෙයි, මාතලේ විජය විද්‍යාලයේ සමූහ මිනී වළට වග කිව යුතු ගෝඨාභය රාජපක්ෂ දක්වා, එතකොට මාතලේ හමුදාවට අණ දෙන නිලධාරියා හැටියට හිටියේ ගෝඨාභය රාජපක්ෂ. ඒවට යුක්තිය අවශ්‍යයි. දැන් කාට හරි අහන්න පුළුවන්, දැන් මැරිලා ඇට කටුත් බවට පත් වුනු අයට, දැන් ඒ ගොල්ලෝ ජීවතුන් අතර නෑ කියලා. ඒ ගොල්ලන්ට යුක්තිය ඉටුකරන හැටි තමයි මේ කියන්නේ.”

“මොකක්ද යුක්තිය ඉටුකරන ක්‍රමය? අංක එක. මුළු රටම මුළු ලෝකයම දැන ගන්න ඕනෑ මොකක්ද වුනේ කියලා. සත්‍ය දැන ගත යුතුයි. විමර්ශන කරන්න. විමර්ශන කරලා වෙච්චි දේ කියන්න. මොකක්ද වුනේ කියලා කියන්න. කාවද මැරුවේ? කොහොමද මැරුවේ? කියලා කියන්න. ඒක දැන ගන්න අවශ්‍යයි. සිදුවුනේ මොකක්ද කියලා මුළු සමාජයක්ම කතා කරන එක. අංක දෙක තමයි, ඒ අපරාධ වලට වගකිව යුතු අයට දඬුවම් දෙන එක. ඒක පළිගැනීමක් නොවෙයි. ඒක ලෝකයේ ‘සංක්‍රාන්තික යුක්තිය’ සම්බන්ධ සම්මත මූලධර්මය. අපි ඉල්ලන්නේ ඒක.”

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...