Breaking News

මිලානෝ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

මිලානෝ via Antonini ප්‍රදේශයේ ඇති  තට්ටු 15කින් සමන්විත පවුල් 70  පමණ ජීවත්වන මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ගින්නක් හටගෙන තිබේ. අද සවස 5 . 45 ට පමණ ආරම්භ වූ  ගින්න තවමත් මැඩ පැවැත්වීමට හැකියාවක් ලැබී නැහැ. ඉහළ මහලයේ ඇතිවූ ගින්න පහතට පැතිර ගොස් ඇති අතර නිවෙස් තුළ සිරවී සිටින ජනතාව මුදා ගැනීම සඳහා ගිනි නිවන හමුදාව ඇතුළු ණ්ඩායම් ගණනාවක් මේ වන විට ක්‍රියාත්මක වී තිබේ.  ගින්න ගොඩනැගිල්ල පුරා පැතිරෙමින් පවතින අතර ගිනි ගෙන ගොඩනැගිල්ලේ කොටස් බිමට කඩා හැලෙමින් පවතී.

 

leave a reply