Breaking News

දේශපාලකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට මාංචු කුට්ටම්

දේශපාලඥයන්ගේ සෞඛ්‍ය තත්ත්වය මැනගැනීම සඳහා අඩු වියදම් පරීක්‍ෂණ ක්‍රමයක් සාර්ථකව අත්හදා බලා ඇති බව වාර්තා වෙනවා . දීර්ඝ කාලයක් සිදුකළ මේ පරීක්ෂණ කටයුත්ත අති සාර්ථක බව ඔප්පු කර ගැනීමට හැකිවුවේ රනිල් වික්‍රමසිංහව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුවයි .

මින් ඉදිරියට දේශපාලකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගැනීම සඳහා රුධිර පරීක්ෂණ scan පරීක්ෂණ , මුත්‍රා පරීක්‍ෂණ වැනි මිල අධික ක්‍රමවේදයන් අවශ්‍ය නොවන බව අද තහවුරු කරනු ලැබුවා .

ඉදිරියට දේශපාලකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර බැලීම සඳහා ළඟම ඇති පොලිසියට ගොස් මාංචු කුට්ටමක් අත පැළඳීම ප්‍රමාණවත්ය . ඉන් අනතුරුව දින තුනක් රක්ෂිත බන්ධනාගාර ගත කළොත් නිදන්ගත සියලු රෝගයන් සහ මාංචු කුට්ටම පළඳින මොහොත තෙක් හඳුනා ගැනීමට නොහැකිව තිබූ සැඟවුණු ලෙඩ රෝග පවා මතුවී එන බව රනිල් වික්‍රමසිංහ පරීක්ෂණයෙන් සනාථ වී තිබේ .

රනිල් වික්‍රමසිංහව දින තුනකට හෝ රක්ෂිත බන්ධනාගාර ගත නොකළා නම් මේ තරම් නිදන් ගත රෝග ඔහු සතුව පැවැති බව දැනගැනීමට හැකියාවක් නොලැබෙනු ඇත . රනිල් වික්‍රමසිංහගේ හෘද වස්තුවේ ප්‍රධාන දමනි හතරෙන් දෙකක් අවහිර වී ඇති බවත් හදවතේ පටක මිය යමින් තිබෙන බවත් හඳුනාගැනීමට හැකි වුණේ ඔහුව හදිසියේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි . එපමණක් ද නොව තවත් බොහෝ ලෙඩ රෝග සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණේ මාංචු කුට්ටම් පැළඳීමේ ප්‍රතිඵලයක් ලෙසයි .

කෙසේ වෙතත් කිනම් බරපතළ රෝග තත්ත්වයක් තිබුණද රනිල් වික්‍රමසිංහ යනු අනේ අපොයි න්‍යායෙන් බැහැර කළ හැකි දේශපාලකයෙක් නොවන බව මතකයේ තබා ගත යුතුය .

  • යාපනය පුස්තකාලයේ ගිනි තැබීම
  • බටලන්ද වධකාගාරය පවත්වාගෙන ගිය බවට චෝදනා ලැබීම
  • සුප්‍රකට මහ බැංකු කොල්ලය සිද්ධ කිරීමට අනුබලදීම
  • රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් කිරීමේ ප්‍රධාන චූදිතයන් අතර එක්කෙනෙක් වීම ඇතුළු තවත් බොහෝ බරපතළ කාරණාවලට රනිල් වික්‍රමසිංහ වගකිවයුතු යි බවට චෝදනා එල්ල වී තිබේ .

රනිල් සහ තම හිතමිතුරු පාලනයන් යටතේ මේ චෝදනාවන් වලට අදාල කිසිදු නීතිමය පියවරක් නොගැනීම සිදු නොවුනේ ඔවුනොවුන් අතර තිබුණු දේශපාලන බැඳියාව නිසා මිස නීති ප්‍රමාණවත් නොවීම නිසා නොවන බව සිහි තබා ගත යුතුය . රනිල් වයසට ගියත් චෝදනා එලෙසමය . ඒ නිසා රනිල්ට එරෙහි චෝදනාවලට නීතිය ක්‍රියාත්මක වී ඔහු වරදකරුවෙක් වේ නම් අනිවාර්යයෙන් ඊට දඬුවම් ලැබීමට රනිල්ට සැලැස්විය යුතුයි .

leave a reply