මාධ්‍ය වාර්තාකරණය තුළ ජනතාවගේ ඇත්ත ජීවන ගැටලු නියෝජනය කෙරෙනවද, නැතිනම් හුදු ජනප්‍රියවාදී භාවිතයකින් තවත් එක් හැඟීම්බර පුවතක් කියා රේටිං වැඩි කරගන්නවාද යන්න මේ නිදසුන් ඇසුරිනුත් කියවා ගන්න පුළුවන්. මේ කතාව හුදු ‘ජඩමාධ්‍ය’ විරෝධයක් වෙනුවෙන් ගන්නවාට වඩා ධනේශ්වර සමාජ ක්‍රමය තුළ අන් සියල්ල මෙන් ඇත්ත ජීවන ගැටලු, මාධ්‍ය වෙළඳපොළ තර්කණයේ ගොදුරක්ව ඇති ආකාරය වටහා ගන්න උදව්වක්. මෙම පුවතට අදාළ වෙන්නෙ 2016 ආනයනය කළ සහල් සම්බන්ධයෙන්, පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් 2017 වසරේ කළ පර්යේෂණයක වාර්තාවක්. දැන් මේ වාර්තාවෙ පරණකම හෝ වාර්තාකරණයේ දෝෂය නිසා එම මාරාන්තික අපරාධය අවතක්සේරු කරන්න බෑ.
වාර්තාව නිකුත් කළ වසරේ සිට අද දක්වා මෙවැනි වාර්තාවක් කරන්නවත් ආනයනික සහල් සාම්පල පරික්ෂාවක් සිදුකර නැති බවත් අනාවරණය වෙනවා. සහල් ආනයනය කරන්නෙ ‘සහල් මාෆියාව’ පරද්දන්න හෝ බත් කන ජනතාවට අඩු මිලට සහල් මිලදී ගැනීමට සැලැස්වීමේ සද්භාවයෙන් බවට ව්‍යාජ තර්ක ආණ්ඩුවේ ඇමතිවරු නිලධාරින් ගෙන එනවා. නමුත් මේ සහල් ආනයනය රුපියල් කෝටි ගණන් ලාභ හා කොමිස් සහිත ගනුදෙනු බව තේරුම් ගත යුතු වෙනවා.
එක් පැත්තකින් මෙරට ගොවි ජනතාව ණය වෙලා නිපදවන සහල් අස්වනු සාධාරණ මිලට මිලදී ගැනීමේ හා සාධාරණ මිලට පාරිභෝගික ජන සමාජයට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නැතිකම මේ ධනපති සමාජ ආර්ථික පිළිවෙතේම නරුම පැත්තක්. ලංකාවෙ සහල් ආනයනය කිරීමට තරම් නිෂ්පාදනය වැටීමේ තත්වයක් ආවෙ ගෝඨා කළ ගොං වැඩේ නිසා බව මෑතක කතාවක්. නමුත් මින් පෙර ආනයනය කළ සහල් ජනතාවට ආහාරයට ගැනීමට නුසුදුසු තත්වයේ ඇති බව ඉහත පර්යේෂණ වාර්තාවෙන් හෙළි කරනවා. ඒ නිසාම එවැනි පර්යේෂණ නැවත සිදු නොකරන්නත් වග බලා ගනු ලබනවා.
මේ ප්‍රස්තුත වන මාධ්‍ය වාර්තාවෙ කරුණු විකෘති කර වාර්තා කරණ මාධ්‍ය මින් පෙරත් වැරදි තොරතුරු නිකුත් කර වාර්තා තැබූ ආයතන. ඒ සම්බන්ධ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කිසිදු නිවැරදි කිරීමක්, සමාව ඉල්ලීමක් හෝ හෝ ජනතාව වෙත කණගාටුව පළ කිරීමක් පවා ඔවුන් සිදුකර නෑ. පර්යේෂණ වාර්තාවෙ කියැවෙන්නෙ අදාළ ආනයනික සහල්වලින් විශ්ලේෂනයට යවන ලද සාම්පත් වලින් විෂ සහිත ද්‍රව්‍ය අඩංගු සාම්පල ප්‍රතිශතයයි. ඒ අනුව, පරික්ෂාවට භාජනය වූ සහල් සාම්පල වලින් 33%ක්ම ආසනික්, රසදිය, ඊයම්, සෙලිනියම් යන බැර ලෝහ සහිත බව හඳුනා ගෙන තිබුණා. නමුත් 12%ක් පමණ සාම්පල ප්‍රමාණයක පරිභෝජනයට නුසුදුසු බැර ලෝහ අඩංගු බව වාර්තාකර තිබුණා.
ආනයනික ආහාර ද්‍රව්‍ය මිනිස් පරිභෝජනය සුදුසු බවට වග බලා ගැනීම, ප්‍රමිති ආයතනයට, සෞඛ්‍ය අමාත්‍යංශයට මෙන්ම පාරිභෝගික සේවා අධිකාරියට අයත් වගකීමක්. ඒ විතරක් නෙවෙයි, මෙවැනි විෂ ආහාර ජනතාවට කවන බිස්නස්වල මහා පරිමාණ ව්‍යාපාරිකයන්, ඊට සම්බන්ධ ඇමතිවරු අපරාධ වැරදිවලට සම්බන්ධ බවට අධිකරණයට කරුණු වාර්තා කරන්න, මේ වනවිට ආණ්ඩුවට එරෙහිව අරගල කරන අය පස්සෙ පන්නන පොලිසියට, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වගකීමක් තියෙනවා.
ඒ වගේම එම ආහාර වලින් ජනතාවට වස දෙනවා නම් එය නිවැරදිව හෙළි කිරීම මාධ්‍ය සතු වගකීමක්. වැරදි වාර්තාකරණයකින් එම වරද නිසා සත්‍ය කරුණු විකෘති කිරීමෙන් අදාළ මාරාන්තික ආහාර පරිභෝජනය වැළැක්වීමේ උත්සාහයන් හා එකී මාරාන්තික ගනුදෙනුවල අපරාධමය ස්වභාවය හෑල්ලු කෙරෙනවා.
මාධ්‍ය වාර්තා කළ ආකාරයේ අඩුපාඩු නිසා ‘මේ ප්‍රතිශත එකතුව 100ට වැඩියි, මුංගෙ බොරු, ගෙනත් තියෙන්නෙ බැර ලෝහද? හාල් ගෙනල්ලා නැද්ද?’ වගේ ප්‍රතිචාර දක්වන අයට කියන්න දෙයක් අපට නෑ. නමුත් මේ ආනයනික හාල් ගෙන්වන මාරාන්තික ගනුදෙනුවලින් රෝගීවන, පිළිකාවලින් පීඩා විඳින ජනතාවගේ වගකීම පාලකයන් ගන්නෙත් නෑ, ඔහෙලා වගේ නරුමයන්ට ඒව සම්බන්ධ වේදනාවක්, වගකීමක් නෑ, කියන කාරණයයි.