අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න පිටතට යා හැක්කේ එක් අයෙකුට පමණයි, වාහනවලින් ගමන් කිරීම තහනම් – රජය නිවේදනය කරයි

හෙට දිනයේදී සංචරණ සීමා ලිහිල් කරන කාල සීමාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වාහනවලින් ගමන් කිරීම තහනම් කර ඇත බවත් නිවසින් එක් අයෙක් පමණක් ළඟම වෙළඳ සැලට ගොස් භාණ්ඩ මිලදී ගත යුතු බවත් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. ඇමතිවරයා පැවසූ ආකාරයට මෙවැනි පියවරක් ගෙන තිබෙන්නේ ජනතාවගේ ගමන් බිමන් හැකිතරම් සීමා කිරීම සඳහායි.

ජනතාවගේ පහසුව සඳහා සුපිරි වෙළඳසැල්, සිල්ලර කඩ‍, බේකරි අලෙවිසැල්, මාළු වෙළඳසැල්, එළවලු හා පළතුරු අලෙවිසැල්, ඔසුසැල් හෙට දිනයේදී විවෘතව තැබෙනු ඇති බව රජය නිවේදනය කර තිබේ.

මේ වනවිට රටපුරා පනවා ඇති සංචරණ සීමා හෙට ‍අළුයම 04 සිට රාත්‍රී 11 දක්වා ලිහිල් කිරීමක් පමණක් සිදුවෙනු ඇති බවත් ඉවත් කිරීමක් සිදු නොවනු ඇති බවත් ඇමතිවරයා මෙහිදී පැවසීය.

මෙම තීරණයේ ප්‍රායෝගිකත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ විවේචන එල්ල වෙමින් පවතියි. සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන්නන් පවසන්නේ දුර බැහැර ප්‍රදේශවල ජීවත්වන ජනතාවට තම අවශ්‍යතා සපුරා ගැනීමට විශාල දුරක් ගමන් කිරීමට සිදුවෙන නිසා වාහන ගමන් කිරීම තහනම් කිරීම විශාල අපහසුතාවයක් ඇති කරන්නක් බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...