අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න පිටතට යා හැක්කේ එක් අයෙකුට පමණයි, වාහනවලින් ගමන් කිරීම තහනම් – රජය නිවේදනය කරයි

හෙට දිනයේදී සංචරණ සීමා ලිහිල් කරන කාල සීමාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වාහනවලින් ගමන් කිරීම තහනම් කර ඇත බවත් නිවසින් එක් අයෙක් පමණක් ළඟම වෙළඳ සැලට ගොස් භාණ්ඩ මිලදී ගත යුතු බවත් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. ඇමතිවරයා පැවසූ ආකාරයට මෙවැනි පියවරක් ගෙන තිබෙන්නේ ජනතාවගේ ගමන් බිමන් හැකිතරම් සීමා කිරීම සඳහායි.

ජනතාවගේ පහසුව සඳහා සුපිරි වෙළඳසැල්, සිල්ලර කඩ‍, බේකරි අලෙවිසැල්, මාළු වෙළඳසැල්, එළවලු හා පළතුරු අලෙවිසැල්, ඔසුසැල් හෙට දිනයේදී විවෘතව තැබෙනු ඇති බව රජය නිවේදනය කර තිබේ.

මේ වනවිට රටපුරා පනවා ඇති සංචරණ සීමා හෙට ‍අළුයම 04 සිට රාත්‍රී 11 දක්වා ලිහිල් කිරීමක් පමණක් සිදුවෙනු ඇති බවත් ඉවත් කිරීමක් සිදු නොවනු ඇති බවත් ඇමතිවරයා මෙහිදී පැවසීය.

මෙම තීරණයේ ප්‍රායෝගිකත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ විවේචන එල්ල වෙමින් පවතියි. සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන්නන් පවසන්නේ දුර බැහැර ප්‍රදේශවල ජීවත්වන ජනතාවට තම අවශ්‍යතා සපුරා ගැනීමට විශාල දුරක් ගමන් කිරීමට සිදුවෙන නිසා වාහන ගමන් කිරීම තහනම් කිරීම විශාල අපහසුතාවයක් ඇති කරන්නක් බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...