රඹුක්කනදී පොලීසිය වෙඩි තබා මරා දැමූ චමින්ද ලක්ෂාන්ගේ බිරිද කියන කතාව

කෑගල්ල, රඹුක්කන දී පොලිස් වෙඩි තැබීමෙන් කේ.බී චමින්ද ලක්ෂාන් මියගොස් වසරකට වැඩි කාලයක් ගත වුව ද පවුලේ සාමාජිකයන්ට මේ දක්වා රජයෙන් කිසිඳු සහනයක් ලැබී නැතැයි ඔහුගේ බිරිඳ පවසයි.

ඉන්ධන ඉල්ලා කෑගල්ල දිස්ත්‍රික්කයේ, රඹුක්කන නගරයේ පැවති විරෝධතාවයකදී 2021 අප්‍රේල් 19 වැනි දින සිදු වූ පොලිස් වෙඩි තැබීමෙන් ඔහු ජීවතක්ෂයට පත්විය.

BBC සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චමින්ද ලක්ෂන්ගේ බිරිද පවසා ඇත්තේ,
”ළමයින්ගේ ජීවිතයම කඩා වැටුණා. පුතා බොහෝ දවස්වලට ඉස්කෝලේ යන්නේ නැහැ. දුවත් ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්නවා. දවසට කිහිපසරයක්ම සොහොන ළඟට යනවා. මටත් ස්ථිර රස්සාවක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මන්ත්‍රී කාලේ සාධාරණයක් කරනවා කියලා කිවුවට දැන් ඔහු ජනාධිපති වෙලත් පිහිටක් නැහැ. ඒ කාලේ උදව් කරනවා කියපු අය දැන් නැහැ ” යනුවෙනි.

එම අවස්ථාවේදී පොලීසියේ ක්‍රියා කලාපය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ ජාත්‍යන්තරයේ විවේචනයට ලක් විය.

එහෙත් එවකට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පැවසුවේ පොලිස් නිලධාරීන්ගේ ජීවිතවල ආරක්ෂාවට හා ඉන්ධන බවුසරය ගිනි ගැනීමෙන් සිදුවිය හැකි හානිය වලක්වා ගැනීම සඳහා පොලිසිය උචිත පරිදි අවම බලය භාවිත කළ බවයි.

ඊට අදාළ නඩුව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී. වසරකට වැඩි කාලයක් ගත වුව ද පැහැදිලි සාක්ෂි තිබියදීත් වෙඩි තැබූ පොලිස් නිලධාරියා කවුරුන් ද යන්න මේ දක්වා අධිකරණයට දැනුම් දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...