ජීවිතයම බරක්‍ ය.

ආර්ථික බර,සංස්කෘතික බර,දේශපාලන බර ,මානසික බර මේ ඔක්කොම ජීවන බරය.මේ අස්සට බැතිබරවීම එක්තරා විඳියකට මානසික බරකි. ව්‍යාධියකි.

අවසන විකාරයකි.

අඩක් නිමි ගෙවල්වල දිව එළියට දාගත් යක් පඹයෝය.යටින් මේ නිවසට යහපතක් වේවාය.තෙරුවන් සරණය.
බලන එකා බයවූවාට කම් නැත.හදන එකාට පමණක් යහපත ප්‍රමාණවත් ය.

ගෙට ඇතුල්වන තැන සීවලී පින්තූරය සමඟ තෙරුවන් සරණය.ඇතුළ අවුල්‍ ය.කෑම වෙනුවෙන් ආගමික හෑමක් ය.

වටේ ඉන්නා බල්ලන් පූසන්ට කැට මුගුරින් ගසන,බත් උලක් නොදෙන,හතර මායිමට සතෙක්ට එන්නට නොදෙන උපාසක නෝන මහත්වරු අපල යන්නට බලු කපුටු දාන දෙන්නේය. පාත්තර පිටින් දක්ශිණාය. වත සුදුය.හිත අළු නොව කළුය.

බසයක් ඉඳිරිපස තෙරුවන් සරණය.රියදුරු ආලවකයාය.කොන්දස්තර මහත්වරු බහුතරය පමණක් නොව මගියෝද ආරූඪ වී ඇත.

තෙරුවන් සරණ ස්ටිකරයක් පමණය.

රටේම උන්ට බැණවැදී,කේලාම් හගිස්සවා කෙළවර දුරකතන සංවාද තෙරුවන් සරණින් අවසන් වේ. හමුවීම් සමුගැනීම් කෙළවර හායි ටටා බායි සමඟ තෙරුවන් සරණ ය.එහෙත් බොහෝ සබඳතා අසරණය.

හිතේ අබය.කටේ මල් හේවිසිය.

බෝ ගසට, චෛත්‍යයට රෙදි ඇන්ඳුවාට බොහෝ බැතිබර සිත් නිරුවත් ය. අන්දන්නට මෙන්ම ගලවන්නට දක්ෂයෝය.

බොහෝ ආයතනවල බැතිබරබවට දවසේ වැඩිවෙලාවක් වෙන්වේ.එහෙත් ආගමික සංහිඳියාවට ඉඩ අඩුය.ගාථා පාඨ කීවාට යාඥාවට ඉඩ නැත.ඝංඨාර හැඩෙව්වට සීනු හඬ යටපත් ය.සැමරුම් අවස්ථා ඒකපාර්ශ්වික ය.

බාබකිවු පාටියත් ආගම සිහිකර පටන් ගන්නට තරම් අපි බැතිබරය.

නමුත් හිතේ එවන් බරක් නැත.

බණේ හැටියට ජීවත්වීම යනු වණේ හිතින් දරන් පණේ කියා ජීවත් වීම නොවේ.

හිත් වණ කරනොගෙන සහකම්පනයෙන් ජීවත් වෙන්න හැකිනම්
බැතිබර නොවී පෙම්බර ලෙස
ජීවිතය විඳිය හැකිවනු ඇත

Share post:

Popular

වෙනත් පුවත්

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...