Breaking News

ලාංකික කොරෝනා රෝගීන් දහස් ගණනක්, සෞඛ්‍ය පහසුකම් නැතිව මැදපෙරදිග ! – හේමමාලි අබේරත්න

කොරෝනා වසංගත තත්වය තුළ මැදපෙරදිග සේවයට ගොස් සිටින ලාංකික කාන්තාවන් ඇතුළු විදේශ සේවකයන් මුහුණ දෙන ගැටලුවට වහාම විසඳුම් දිය යුතු බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පවසයි.

මැදපෙරදිග සේවය කිරීමට ගොස් මේ වනවිට අසරණව සිටින දහස් ගණනක් විදේශ ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් කැඳවන ලද මාධ්‍ය සාකච්ඡාවකදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න මේ බව ප්‍රකාශ කළාය.

මාස 3ක කාලයක් තිස්සේ ඔවුන් ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුවට, ජනාධිපතිවරයාට, තානාපති කාර්යාලවලට ආයාචනා කරමින් සිටියද තවමත් ඔවුන්ට කිසිදු සහනයක් ලැබී නොමැති බවද හේමමාලි අබේරත්න පැවසුවාය.
විශේෂයෙන් ලංකාවට ඩොලර් බිලියන ගණනක් විදේශ විනිමය ගෙන ඒන මැදිපෙරදිග සේවයකරන ලාංකිකයන් සම්බන්ධව පාලකයන් කිසිදු සැළකිල්ලක් දක්වා නැති බව ඇය චෝදනා කරයි.

මේ වනවිට කටාර් රාජ්‍යයේ සේවය කළ ලාංකික සේවක සේවිකාවන් 1800කටත් ඩුබායිහි 400ක් පමණ කොරෝනා ආසාදනය වී සිටින බවත් ඔවුන් ඒරට රෝහල්වලට ඇතුළත් කර නොමැති බවද නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකාව පවසයි. ඒම රෝගින්ට රැකවරණයක් නොමැති බවත් නිසි ආහාරයක් නැතිව මහමග හෝ තාවකාලික නවාතැන්වල දුෂ්කරතා මැද ඔවුන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන බවද ඇය පවසයි.

ඒම දුක්ඛිත තත්වය සම්බන්ධ අනාවරණය කරමින් සමාජ ජාලාවල පළකර ඇති කරුණු පාලකයන්ගේ අනුකම්පාවට හේතුවක් නොවන බවද විදේශ මුදල් ඒවන විට ‘රටවිරුවන්’ ලෙස කීවද ඔවුන් දැන් ලක්ෂ ගණනක් ජිවිත අවදානමට මුහුණ දෙනවිට ‘මිනිස් බෝම්බ’ ලෙස හඳුන්වන තත්වයක් ඇත. මේ නිසා විදේශවල ජීවිත අවදානමට මුහුණ දෙන ඔවුන්ගෙන් යැපුණු ලංකාවේ වාසයකරන ඥාතින් ජීවිත ගෙවාගන්නට මාර්ග නැතිව සිටිනවා මෙන්ම සිය ප්‍රියයන් ආරක්ෂිතව ගෙන්වා ගැනීම වෙනුවෙන් කිසිවක් කරගන්නට නොහැකිව සිටින බවද නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පෙන්වා දෙයි.

මේ නිසා මැදපෙරදිග ජීවිත අවදානමට මුහුණ දී සිටින ලාංකික සේවක සේවිකාවන් ගෙන්වා ගැනීම හෝ සෞඛ්‍ය රැකවරණ දීම වෙනුවෙන් පාලකයන්ට බලපෑම් කිරීමට තම සංවිධානය පියවර ගත්තද ප්‍රතිඵලයක් නොමැති බවද නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකාව පවසයි.

මේ ලාංකිකයන් ආරක්ෂිතව ගෙන්වා ගැනීමට නොහැකි බව ආණ්ඩුව හේතු වශයෙන් දක්වන්නේ ප්‍රමාණවත් දැඩි සත්කාර ඒ්කක පහසුකම් නොමැති කමය. ඒය මෙරට ආණ්ඩුවේ අසමත්කමක් මිස විදේශයන්හි සේවයකරමින් දුෂ්කරතා විඳින අයගේ වරදක් නොවන බව පෙන්වා දෙන හේමමාලි අබේරත්න ඔවුන් වෙනුවෙන් වගකීම ඉටුකරන ලෙස පාලකයන්ට බලකිරීමට ඒ්කවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

leave a reply