පළාත් පාලන මැතිවරණයට සංඥා ක්‍රමයක් යෝජනා කරන ජන අරගල සන්ධානය

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව සංඥා තුනක් ලබාදිය යුතු බව ජන අරගල සන්ධානයේ පුබුදු ජයගොඩ ප්‍රකාශ කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ තම සන්ධානයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂක රැස්වීම් මාලාව ආමන්ත්‍රණය කරමින්.

පළවෙනි සංඥාව ආණ්ඩු පක්ෂයට ලබාදිය යුතුයි. ජනතාව ආණ්ඩුවට කියන්න ඕනා මේ යන පාර වැරදියි කියලා. මහ මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ජනතාවට ලබා දුන්නු පොරොන්දු ආණ්ඩුව ඉටු කරන්නේ නැති බව ප්‍රකාශ කිරීමට ආණ්ඩුවට සංඥාවක් දිය යුතුයි.

ඒ වගේම දෙවැනි සංඥාව දිය යුත්තේ විපක්ෂයට සහ ජනතාව විසින් පරාජයට පත් කළ පැරණි දේශපාලනඥයන්ට. එම සංඥාවෙන් ප්‍රකාශ කරන්න ඕනේ මේ ආණ්ඩුව මොනතරම් අසාර්ථක වුණත් අසාර්ථක උනත් ආයේ නම් දක්ෂිණාංශික ප්‍රතිගාමී කණ්ඩායම් දෙකට මේ රටේ බලය ලබාදෙන්නේ නැහැයි කියන සංඥාව .

එහෙමනම් මේ සංඥා ලබාදීම සඳහා ඔබ තෝරාගත යුත්තේ කාවද?

ඒ පැනයටත් මේ සාකච්ඡාවන් මාලාවේදී පුබුදු ජයගොඩ පිළිතුරු ලබා දෙනවා.

මේ පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවටත් පරාජිත දක්ෂිණාංශික ප්‍රතිගාමී කණ්ඩායම්වලටත් එරෙහිව ජනමතයක් නියෝජනය කරන්න ජන අරගල සන්ධානය වෙත ඡන්දය ලබා දෙන්න.

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...