පළාත් පාලන මැතිවරණයට සංඥා ක්‍රමයක් යෝජනා කරන ජන අරගල සන්ධානය

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව සංඥා තුනක් ලබාදිය යුතු බව ජන අරගල සන්ධානයේ පුබුදු ජයගොඩ ප්‍රකාශ කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ තම සන්ධානයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂක රැස්වීම් මාලාව ආමන්ත්‍රණය කරමින්.

පළවෙනි සංඥාව ආණ්ඩු පක්ෂයට ලබාදිය යුතුයි. ජනතාව ආණ්ඩුවට කියන්න ඕනා මේ යන පාර වැරදියි කියලා. මහ මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ජනතාවට ලබා දුන්නු පොරොන්දු ආණ්ඩුව ඉටු කරන්නේ නැති බව ප්‍රකාශ කිරීමට ආණ්ඩුවට සංඥාවක් දිය යුතුයි.

ඒ වගේම දෙවැනි සංඥාව දිය යුත්තේ විපක්ෂයට සහ ජනතාව විසින් පරාජයට පත් කළ පැරණි දේශපාලනඥයන්ට. එම සංඥාවෙන් ප්‍රකාශ කරන්න ඕනේ මේ ආණ්ඩුව මොනතරම් අසාර්ථක වුණත් අසාර්ථක උනත් ආයේ නම් දක්ෂිණාංශික ප්‍රතිගාමී කණ්ඩායම් දෙකට මේ රටේ බලය ලබාදෙන්නේ නැහැයි කියන සංඥාව .

එහෙමනම් මේ සංඥා ලබාදීම සඳහා ඔබ තෝරාගත යුත්තේ කාවද?

ඒ පැනයටත් මේ සාකච්ඡාවන් මාලාවේදී පුබුදු ජයගොඩ පිළිතුරු ලබා දෙනවා.

මේ පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවටත් පරාජිත දක්ෂිණාංශික ප්‍රතිගාමී කණ්ඩායම්වලටත් එරෙහිව ජනමතයක් නියෝජනය කරන්න ජන අරගල සන්ධානය වෙත ඡන්දය ලබා දෙන්න.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...