ලෝක බැංකුව ගෑස් මිලදී ගන්න දුන් සල්ලිත් ගසා කාලා

ලෝක බැංකුව ගෑස් මිලදී ගැනීම සඳහා මෙරටට ලබා දුන් ආධාර මුදලෙන් රුපියල් මිලියන 1300ක් ගසා කෑමට ලක්ව ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මෙම ගනුදෙනුව ගැන පසුගියදා ප්‍රසිද්ධ හෙළිදරව්වක් කරනලදී.

ඔහු කියා සිටියේ “ලෝක බැංකුව අපි අමාරුවේ වැටිච්ච වෙලාවේ දුන් ආධාර මුදලත් ගසා කන තැනට අපේ රටේ කණ්ඩායම් පත්වුණා. ජනතා උවමනාව පෙන්වලා රුපියල් මිලියන 1300 ක් මේ ගනුදෙනුවෙන් අයින් කෙරුවා”.

චරිත හේරත් පවසන්නේ ගෑස් නියෝජිත කණ්ඩායම් දෙකක් අතර ආරවුලක් හේතුවෙන් මාස 08ක් මෙරට ජනතාවට ගෑස් හිඟයකට මුහුණ දීමට සිදුවු බවයි.

2021 ජුලි 06 වැනි දින වියත්මග ක්‍රියාකාරිකයෙකු වූ තේෂර ජයසිංහ ලිට්‍රෝ හි සභාපති ලෙස පත් කළ අතර 2022 අප්‍රේල් 14 වැනි දින ජයසිංහ ඉල්ලා අස්වන තුරු එල්පී ගෑස් සැපයුම අඩාල වූ බවට චරිත හේරත් සඳහන් කරයි.

ජයසිංහගෙන් පසුව වියත්මග තවත් ක්‍රියාකාරිකයෙකු වූ විජිත හේරත් පත් වූ අතර ඔහුටත් එම ගැටලුවට විසදුම් දීමට නොහැකි වූ අතර ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසුව එම තනතුරට එම සමාගමේ මීට පෙර කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ මුදිත පීරිස් ජුනි 13 වැනිදා සිට සභාපති තනතුරට පත්කර තිබේ.

“පසුගිය දවස්වල ජනතාව අපට බැන බැන ගෑස් ගන්න පාරවල් දිගේ පෝලිම්වල හිටගෙන හිටියා. මාස අටක් ජනතාව තෙරපුවා. නමුත් කවුරුත් දන්නේ නෑ ඇයි එහෙම වුණේ කියලා. මෙහෙම කෙරු‍වේ කණ්ඩායම් දෙකක් එකතු වෙලා ගෑස් ගේන එක සමාගමකට කොන්ත්‍රාත් එකක් දුන්නා. ඊළඟට ආපු ගෑස් සභාපතිවරයා ඒක නැවැත්තුවා. මේකට තරහ වෙලා ඒ ගෑස් සමාගම් දෙකේ නියෝජිතයෝ දෙගොල්ලක් රණ්ඩු වුණා එළියේ”.

වියත්මඟ සාමාජිකයෙකු මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහාචාර්ය චරිත හේරත් අවධාරණය කළේ, “රණ්ඩුව කොච්චර දුර ගියා ද කියනවා නම්, මාස 08ක් මේ රටේ ජනතාවට ගෑස් නැතිව පාරේ දුක් විදින්න වුණා. මේක ඉවර වුණේ, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 70ක් දුන්නා ආණ්ඩුවට මේ ගෑස් ගේන්න කියලා. අපේ ආණ්ඩුවෙනුත් තව ඩොලර් මිලියන 20ක් දලා ඩොලර් මිලියන 90ක් ආවා අන්න ආයිත් ගෑස් ගේන්න. මුලදී ප්‍රතික්ෂේප වෙච්ච කොම්පැනිය අලුත් මිනිහෙක් දාලා අපට ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 96කට හම්බවෙන්න තිබුණේ. ඩොලර් 129ට ඒක ගන්න අර කොම්පැනියත් එක්ක එකතුවෙලා ගැහුවා ගිවිසුමක්. ලෝක බැංකුවෙන් අපි අමාරුවේ වැටිච්ච වෙලාවේ දුන්න ආධාර මුදලත් ගසාගෙන කන තැනට අපේ රටේ කණ්ඩායම් පත්වුණා.”

“ජනතා උවමනාව පෙන්නලා මේ ගනුදෙනුවෙන් රුපියල් මිලියන 1300ක් මේ ගනුදෙනුවෙන් අයින් කෙරුවා. ඒ කියන්නේ බිලියන 1.3ක්. මේ මුදල ගත්තේ කවුද, බෙදුවේ කොහොද? කාටද ගියේ කියන එක මේ රටේ අහිංසක ජනතාව දන්නේ නැහැ. බරපතළ දූෂණ රැසක් එක්ක යන්නේ.” චරිත හේරත් සඳහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...