නෑ කියන්නෙ නෑම තමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අත් අඩංගුවට ගැනීම මේ වනවිට සමාජ මාධ්‍ය ජාල හරහා කතා බහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා. මේ සිදුවීමට අදාළව ධනුෂ්ක ගුණතිලක වරදකරුද නැද්ද යන්න තීරණය කිරීම දැන්ම කරන්න අපහසු වුවත් මේ සිදුවීම ගැන වෙන කතා බහ වෙන දේවල්වල විශේෂත්වයන් කිහිපයක් පවතිනවා.

විශාල පිරිසක් පවසන්නේ ඔහු රටේ නම්බුව විනාශ කළ නිසා ඔහු ක්‍රිකට්වලින් ඉවත් කළ යුතු බවයි. තවත් පිරිසක් කියන්නේ ඔහු මොන වැරැද්ද සිදුකළත් ඔහු දක්ෂ නම් කණ්ඩායමේ තබාගත යුතු බවයි. එසේම මිනිස්සු අතින් වැරදි සිදුවෙන්න පුළුවන් බවත් ඔවුන්ම කියනවා. ඒ වගේම පිරිමින් අතර ඔවැනි දේවල් සුලබ බවත් ඒවා එතරම් ගණන් ගතයුතු දේවල් නොවන බවත් තවත් පිරිසක් පවසනවා. ඒ වගේම තවත් පිරිසක් කියන්නේ මෙවැනි ජනප්‍රිය පුද්ගලයන් සමඟ සබඳතා පැවැත්වීම ඇතැම් ගැහැණුන් ගිජු කමක් දක්වන බවත් සම්බන්ධතාවලට යාමේදී ගැහැණුන්ටද පරිස්සම් වීමේ වගකීමක් ඇති බවයි. ඒ වගේම ඩේටින් ඇප් හරහා හඳුනා ගන්නේ ලිංගික ක්‍රියා සඳහාම බව තේරුම් ගැනීමට බැරි තරම් අදාළ තරුණිය බබෙක් නොවන බවද තව පිරිස් කියනවා.

මේ සියල්ල හරහා ප්‍රදර්ශනය වෙන්නෙ ගැහැණුන් ගැන සමාජයේ තියෙන පොදු මතය එක පැත්තකින්. තවත් පැත්තකින් ගැහැණුන්ට සමාජය තුළ හිමිවී ඇති තැන ප්‍රදර්ශනය වෙනවා. ගැහැණියගේ ශරීරය ගැන අයිතිය, තමන් කැමති කෙනෙක් සමග ලිංගික හැසිරීමක් හෝ සබඳතාවයක් පැවැත්වීමේ නිදහස , ප්‍රතික්ෂේප කිරීමට ඇති අයිතිය වගේ ඒවා ගැන ලංකාව වගේ රටක ගැහැණු පිරිමි අපි හැමෝම දරන මත කොතරම් පසුගාමීද කියලා නැවත මතක් කරනවා. මෙහෙම රටක තවත් සාරුවා සුනිල්ලා බිහිවෙන එක නවත්වන්න බැරිවෙයි. ඒ වගේම මෙහෙම රටක ලිංගික අපයෝජන සම්බන්ධ නීති ශක්තිමත් වීමත් හීනයක් විතරයි.

මෙතැනදී පුදුම සහගත තවත් ලක්ෂණයක් තියෙනවා. පසුගිය දවස්වල ගුරුවරියන්ගේ ඇඳුම ගැන බෞද්ධ භික්ෂූන් කතා කිරීම ගැන පළු අරිමින් සිටි පිරිමින් පවා ක්‍රිකට් ක්‍රීඩකයා සම්බන්ධ සිදුවීමේදී මා පළමුවෙන් දැක්වූ මතයන්වල සිටිනවා. ගැහැණුන්ගේ ඇඳුම් ගැන බෞද්ධ භික්ෂූන් කතා කිරීමත් ගැහැණුන්ට සමාජයේ ලබාදී ඇති තැන සම්බන්ධ දෙයක් ලෙස දකින්න ඔවුන්ට පුළුවන් කමක් නැහැ. ගැහැණුන්ට සමාජයේ ලබාදී ඇති තැන නිකම් වෙනස් වෙන එකක් නැහැ. ඒකට ගැහැණු, පිරිමි හැමෝටම අරගලයක් තියෙයි. ඒක අපි කරමු. ඒක කරන ගමන් ගැහැණුන්ගේ ශරීරයේ අයිතිය සහ ප්‍රතික්ෂේප කිරීමට ඇති අයිතිය වගේ දේවල් ප්‍රමුඛව කතා කරන පිනක් (Pink ) චිත්‍රපටිය බලන්න.

 

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...