පරණ අවුරුද්දෙන් අලුත් අවුරුද්දට..

අවුරුද්දක් ඉවර වෙලා අලුත් අවුරුද්දක් ලබනකොට ගේදොර අවට පිරිසිදු කරලා අලුත් අවුරුද්ද පිලිගන්න අපි කවුරුත් පේ වෙනවා.

දෙසැම්බරයෙන් ජනවාරියට පා තබන්නට සැරසෙන විට කොහොමටත් තියෙන්නේ අපූරු ආලෝකයක්. ආලෝකමත් දවස්. සීතල සුලඟ එක්ක ආලෝකය පතුරන ඉර එලිය වෙනදාට ත් වැඩියෙන් එළියයි.

ස්වභාවික පරිසරය අලුත් අවුරුද්දක් පිලිගන්න අමුතුවෙන් ම ලක ලෑස්ති වෙනකොට අපි, අපේ හිත් වලින් අලුත්ම අවුරුද්ද පිලිගන්න සූදානම් වුණා නම් කොච්චර අගේද..?

“මිනිස්සු අතින්නේ වැරදි සිදුවෙන්නේ… ”

මේක අපිට හැම තිස්සෙම ඇහුණට, ‘මිනිස්සුන්ට පුලුවන් වැරදි හදාගන්න’ කියලා කියවෙනවා හරි අඩුයි.
කවුරුත් කිව්වට නෙවෙයි, තම තමන්ම ඇතුල් හදවතට ම කිමිදිලා තම තමන්ගේ අඩුපාඩු වැරදි එක දෙකක් හරි පරණ අවුරුද්දේ හලලා අලුත් අවුරුද්දේ එළිපත්තට පය තිබ්බ නම් කොච්චර අගේද..

■ අනුන්ගේ අඩුපාඩු වැරදි ම දකිනු වෙනුවට තමන්ගේ වැරදි අඩුපාඩු දැකීම.

■ බාල මහළු කොයි කාගෙනුත් යමක් ජීවිතයට එකතු කර ගැනීමට සුදුසු නම් ඒ එකතු කර ගැනීම. (කොපි කරනු වෙනුවට අනුගත වීම)

■ විවිධ චර්යා ධර්ම ඇතිවුන් සමඟ තමන්ගේ හදවත් තුල ඇති යහපත් ආලෝකය බෙදමින් සමගි සම්පන්න වීම.

■ ආදරය,කරුණාව හදවතේ පැලකර, සමාජය තුල වැපිරීම

■ සතුට අහ්ලාදය වැනි චිත්තවේගීය සංසිද්ධි සේම සෑම දුකක් දෝමනස්සයක් ම ඉතාම තාවකාලික බව තේරුම් ගනිමින්, අද මේ මොහොත සාමකාමීව වින්දනය කිරීම.

ඉතාම අගනේ බව අත්දැකීමෙන්ම අත්දුටු කරුණු කාරණා වේ.

කෙනෙකුට තව කෙනෙකුට බලකර ජීවිතය ඉගැන්විය නොහැකිය. ජීවිතය ජීවත් කරවමින් යන ගමන තුල මුහුණ පාන්නට සිදුවන සංසිද්ධීන් නිවැරදිව ග්‍රහණය කරගත හැකිනම් අවබෝධයෙන් මේ ගමන යා හැකි වනු ඇත.

තමා තමන් වෙමින්, අනුකරණය නොව, අනුගමනය කරමින්, ජීවිතය මනසින් හා භෞතිකව ජයගත් මිනිසුන්ගේ චරිතාපදාන තුල ඔබ ඔබව සොයාගෙන නිවැරදිව දැක ගමන යන්න.
ඒ හරි පහසු වේවි.

නිතර දුක් කඳුලු පිරි දෑස් වියලී යන්නට නම් අවබෝධයෙන් ජීවිතය දැකිය යුතුය.

නිරන්තරයෙන් දුක විතරක් ග්‍රහණය කල මගේ හිතට ධනාත්මකව ජීවිතය දකින්නට හේතුවු මේ ලෝකය තුල මා දෑසින් දුටු නොදුටු බොහෝ දෙනාගේ ලියැවිලි, කතාන්දර, චරිතාපදාන, ආදරය, කරුණාව, පිලිගැනීම් බොහෝ ඉවහල් වු බව සතුටින් ලියා තබමි.
ඒ හැමෝටම හදවත පුරවලාම ස්තූතිවන්ත වෙමි.

ඊයේ සිටි මට වඩා, අද ඉන්න මං ගැන සතුටින් අලුත් අවුරුද්දට පා තබමි.

ගතවූ 2024 වර්ෂයට වඩා,
නැණ, ගුණ, බෙල වැඩුණ සමාජයක් තුල,

2025 ජයෙන් ජයම වේවා!

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...