කොවිඩ් පැතිරෙද්දීත් සේවකයන්ගෙන් වැඩ ගන්නා ඇඟලුම් කම්හලකට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවයක

බිංගිරිය විලත්තව දුමිමලසුරිය ප්‍රදේශයේ ඇගලුමි කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසකට කොවිඩ් වෛරසය වැළඳී තිබියදීත් එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාමට විරුද්ධව එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවයක නිරත වී තිබේ.

මෙම ඇගළුම් කර්මාන්ත ශාලාව ඉදිරිපිටින් ප්‍රධාන මාර්ගය වසා දමමින් ප්‍රදේශවාසීන් විරෝධතාවය පවත්වා ඇත.කොරෝනා ආසාදිතයන් 142ක් මේ වන විට එම කර්මාන්තශාලාවෙන් වාර්තා වී තිබේ. කර්මාන්ත ශාලාව තුළ කොවිඩ් රෝගය පැතිරේමින් තිබියදීත් රැකියා සඳහා පැමිණෙන්නයි එහි සේවක සේවිකාවන්ට පාලනාධිකාරිය විසින් බලපෑම් කරමින් සිටින බවද ප්‍රදේශවාසීන් චෝදනා කරයි. මෙම ඇගලුම් කර්මාන්ත ශාලාව තුළ 3000ට වැඩි සේවක සේවිකාවන් පිරිසක් රැකියාවේ නිරතවන බව පැවසේ. ප්‍රදේශවාසීන් පවසන ආකාරයට මෙහි රැකියාවේ නිරත සේවක සේවිකාවන් අවට අසල්වැසි නිවෙස්වල නැවතී රැකියා සඳහා යන බැවින් කර්මාන්තශාලාවෙන් පිටතට වෛරසය පැතිරීමේ අවධානමක් මතුව තිබේ.

අද පැවති විරෝධතාවය ප්‍රදේශයේ ආගමික නායකයින් මැදිහත්ව විසඳුමක් ලබා දෙන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අවසන් වූ බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...