කොවිඩ් පැතිරෙද්දීත් සේවකයන්ගෙන් වැඩ ගන්නා ඇඟලුම් කම්හලකට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවයක

බිංගිරිය විලත්තව දුමිමලසුරිය ප්‍රදේශයේ ඇගලුමි කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසකට කොවිඩ් වෛරසය වැළඳී තිබියදීත් එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාමට විරුද්ධව එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවයක නිරත වී තිබේ.

මෙම ඇගළුම් කර්මාන්ත ශාලාව ඉදිරිපිටින් ප්‍රධාන මාර්ගය වසා දමමින් ප්‍රදේශවාසීන් විරෝධතාවය පවත්වා ඇත.කොරෝනා ආසාදිතයන් 142ක් මේ වන විට එම කර්මාන්තශාලාවෙන් වාර්තා වී තිබේ. කර්මාන්ත ශාලාව තුළ කොවිඩ් රෝගය පැතිරේමින් තිබියදීත් රැකියා සඳහා පැමිණෙන්නයි එහි සේවක සේවිකාවන්ට පාලනාධිකාරිය විසින් බලපෑම් කරමින් සිටින බවද ප්‍රදේශවාසීන් චෝදනා කරයි. මෙම ඇගලුම් කර්මාන්ත ශාලාව තුළ 3000ට වැඩි සේවක සේවිකාවන් පිරිසක් රැකියාවේ නිරතවන බව පැවසේ. ප්‍රදේශවාසීන් පවසන ආකාරයට මෙහි රැකියාවේ නිරත සේවක සේවිකාවන් අවට අසල්වැසි නිවෙස්වල නැවතී රැකියා සඳහා යන බැවින් කර්මාන්තශාලාවෙන් පිටතට වෛරසය පැතිරීමේ අවධානමක් මතුව තිබේ.

අද පැවති විරෝධතාවය ප්‍රදේශයේ ආගමික නායකයින් මැදිහත්ව විසඳුමක් ලබා දෙන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අවසන් වූ බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...