Breaking News

ජෛවමිතික දත්ත වලින් තොර ඉතාලියේ ඩිජිටල් හැඳුනුම්පත – කොහොමද මේක හදල තියෙන්නෙ?

තීමස් විජිත්

මේ දිනවල ලංකාවේ නව ආණ්ඩුව ලහි ලහියේ ඩිජිටල් හැඳුනුම් පතක් නිකුත් කිරීමට විශේෂ උනන්දුවකින් කටයුතු කරන බව පෙනී යයි. එයට ජනතා අවධානය යොමුවී තිබෙන අතර විශේෂයෙන්ම ඒ සඳහා ජෛවමිතික දත්ත ඇතුලත් කිරීමට ඔවුන්ගේ පෙළබීම ප‍්‍රශ්න සහගත වී ඇත. ඒ එමගින් පුරවැසියෙකුගේ පුද්ගලික නිදහසට සහ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බැවිනි. ඉතාලියේද දැනට නිකුත් කිරීම ආරම්භ කර තිබෙන නව හැඳුනුම් පත ගෙන එන අවස්ථාවේ ඒ පිළිබඳ විශාල සංවාදයක් ගොඩ නැගුනු අතර අවසානයේ එය නිකුතුවේදී ජෛවමිතික දත්ත අතුරින් ඇගිලි සලකුණට පමනක් එය සීමා කරන්නට සිදුවුනි. එපමනක් නොව විද්‍යුත් හැඳුනුම් පත නිකුතුවේදී තම කැමැත්ත මත පමනක් නිකුත් කිරීමේ අවස්ථාවද හිමිවී තිබුනි. මේ වන විට එය ක‍්‍රියාත්මක වන්නේ වසර කීපයක නියමු ක‍්‍රියාවළියක් ලෙස ක‍්‍රියාත්මක කිරීමෙන් අනතුරුවය. එම නිසා කඩි මුඩියේ පුරවැසියන්ගේ අතිශය පුද්ගලිකත්වයට බලහත්කාරයෙන් කඩා වදින මෙවැනි තීන්දු ක‍්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳ පුලූල් අධ්‍යනයක් කර තම වගකීම හරි හැටි ඉටු කිරීමට කටයුතු කරන ලෙසට නව පාලනයට මතක් කරමු. ඒ වෙනුවෙන් මෙහි යම් ගත යුත්තක් තිබේනම් අවධානය යොමු කරන ලෙසටද ඉල්ලමු.


ඉතාලියේ විද්‍යුත් හැඳුනුම් පත

ඉතාලියේ විද්‍යුත් හැඳුනුම් පත  සඳහා ඇගිලි සලකුණු වලට අමතරව ලබා ගන්නා දත්ත වන්නේ අතින් ලියන අත්සන, මරණයේදී තම අවයව හා පටක පරිත්‍යාග කිරීම සම්බන්දයෙන් කැමැත්ත ප‍්‍රකාෂ කිරීමයි . ඊට අමතරව සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුගේ අනණ්‍යතාවය තහවුරු කෙරෙන ඡුායාරූපය, උස, ඇසේ වර්ණය, සම්පූර්ණ නම, උපන්දිනය/ස්ථානය සහ පදිංචි ලිපිනය ආදිය පමණි.

ඊට පෙර තිබූ ජීව දත්ත මත පමනක් පදනම්ව නිකුත් කල කඩදාසි හැඳුනුම් පත වෙනුවට, නව ඉලෙක්ට්‍රොනික කාඞ් පත නිකුතුව ඇරඹුනේ 2012 වසරේදීය. එය අවුරුදු 3 ට අඩු ළමුන් සඳහා වසර 3 කටද, අවුරුදු 3 සිට 18 වයස් කාණ්ඩය සඳහා වසර 5 කටද, අවුරුදු 18ට ඉහල වැඩිහිටියන් සඳහා වසර 10 ක කාලයකටද නිකුත් කෙරේ.

වයස අවුරුදු 18 ට අඩු බාල වයස්කරුවන් සඳහා විදේශ ගමන් සඳහා වලංගු හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා, ඔවුන්ගේ දෙමව්පියන්ගේ හෝ භාරකරුවන්ගේ කැමැත්ත අවශ්‍ය වන අතර, ඔවුන් වලංගු හැඳුනුම් ලේඛනයක් ඉදිරිපත් කළ යුතුය.

විදේශගත වීම සඳහා වලංගු නොවන ලියවිල්ලක් සඳහා ඉල්ලීමක් සිදු වුවහොත්, එක් දෙමාපියෙකු පමණක් සිටීම ප‍්‍රරමාණවත් වේ.

ඕනෑම අවස්ථාවක, හඳුනා ගැනීම සඳහා බාලවයස්කරුගේ පැමිනීම අනිවාර්ය වේ.

වයස අවුරුදු දාහතරට අඩු බාලවයස්කරුවන් සඳහා නිකුත් කරන ලද හැඳුනුම්පත, ඉල්ලීම මත, දෙමාපියන්ගේ හෝ භාරකරුගේ නම පෙන්විය හැක.

විදේශීය පුරවැසියන් සම්බන්ධයෙන්, නිකුත් කරන ලද හැඳුනුම් පත වලංගු වන්නේ ඉතාලි භුමියේ පමණි. ඔවුන් විසින් ඉල්ලීම් කරන අවස්ථාවේදී පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය.

x ඉතාලියේ රැඳී සිටීමේ බලපත‍්‍රය (සර්ජෝර්නෝව) හෝ එය යාවත්කාලීන කිරීම සඳහා බාරදී ඇත්නම් ඊට අදාල රිසිට් පත සහ වලංගු විදෙස් ගමන් බලපත‍්‍රය.

යුරෝපා (EU) පුරවැසියන් සඳහා නිකුත් කෙරෙන හැඳුනුම් පත, යුරෝ කලාපයේ රටවල් සියල්ලට වලංගු වේ. ඊට අමතරව හැඳුනුම්පත නිකුතුවේදී නිකුත් කෙරෙන CIE කේතය මගින් පුරවැසියාට සියලූම රාජ්‍ය පරිපාලන සේවා භාවිතා කිරීමට ඉඩ සැලසෙන අතර එයට PIN එකක් සහ PUK කේතයක් ලබාදේ. පලමු වරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව මෙම කේතය තුලින් විද්‍යුත් පදනමින් අනණ්‍යතාවය තහවුරු කොට සේවාවන් සඳහා පිවිසිය හැක. 2019/16/07 දින සිට මෙය ක‍්‍රියාත්මක වේ.

මෙම සියලූ පහසුකම් සැපයෙන ඉතාලි හැඳුනුම් පත සඳහා ජෛවමිතික දත්තයන් ගෙන් ලබා ගන්නේ ඇගිලි සලකුණු පමනක් වීම නැවත අවධාරණය කල යුතුවේ. ආරක්ෂක ක‍්‍රියාවන් අතිශය සංකීර්ණ පරිසරයක් තුල පවා පුද්ගල නිදහස පෞද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන් ක‍්‍රියා කරයි.

ඊට අමතරව සියලුම පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂාව සඳහා පෞද්ගලිකත්ව නීතිය 2001 දෙසැම්බර් 28 අංක 467 දරණ Legge sulla privacy පනතින් ස්ථාපිත කල අතර එය යුරෝපීය රහස්‍යතා නියාමනය බවට 2016 මැයි 4 නිකුත් කල ගැසට් නිවේදනය මගින් ස්ථාපිත කරන ලදී Regolamento Europeo sulla Privacy o GDPR (General Data Protection Regulation)

මෙම රටවල් පුද්ගලයින්ගේ දත්ත සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉහල අවධානයක් යොමු කර ක‍්‍රියා කරන විට අපේ වගේ රටවල් ඒ ගැන වගේ වගක් නැතිව මෙම ක‍්‍රියාවළියට ඉන්දියාව වැනි (…….) රටවල් ඈඳෑ ගැනීමට තරම් අපරික්ෂාකාරී වීමද සිතා ගන්නට නොහැකි තත්වයකි. නව පාලනය යටතේ එය සිදුවීමද ඛේදවාචකයකි. වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව මෙන් මෙය ජනතාවාදී පාලනයක්ද යන්න සිතා බලන්නට හොඳ අවස්ථාවකි.

අවධාරණය සඳහා අමතර කරුණක් ලෙස ඉදිරිපත් කරන්නේනම් ලංකාව හා ඉතාලිය අතර තවමත් අත්සන් තැබීමට නොහැකිව පවතින ද්වීපාර්ශික ගිවිසුම වෙත බලපා ඇති ප‍්‍රධානම කරුණු අතර එකක් වන්නේ මේ දත්ත ආරක්ෂණ පද්ධතිය පිළිබඳ සහතික වීමයි. අපගේ අවබෝධයේ හැටියට අනෙකුත් ලේඛණ යාවත්කාලීන කර ඇති තත්වයක් පෙනෙන අතර GDPR ගැටලූව තවමත් නිරාකරණය වී නොමැති බව පෙනීයයි. ඒ නිසා මුලින්ම රටට හොඳ GDPR (General Data Protection Regulation) එකක් නිර්මාණය කර සෙසු දේට ප‍්‍රවේශ වන ලෙසටද මතක් කර සිටිමු.


දරුවෙකු ඉපද දින පහළොවක් ඇතුළත බදු කේතය (පුද්ගල) Codice Fiscale: අංකය සහිත සෞඛ්‍ය කාඩ් පත දෙමාපියන් ඉදිරිපත් කරන ලිපිනය වෙත ලබා දෙන අතර එහි සඳහන් වන Codice Fiscale: අංකය එම දරුවාගේ ජීවිත කාලය පුරාවටම ඔහුගේ අනන්‍යතාවය සහ ඔහු හඳුනා ගන්නා පහත පැහැදිලි කරන ආකාරයට කේතය බවට පත්වනවා . පෙර වෙන වෙනම තිබූ Tessera sanitaria – Codice Fiscale මේ කාඩ් පත් දෙක වර්තමානය වන විට එක් කාඩ් පතක් බවට පරිවර්තනය කර තිබේ .

xr:d:DAF1oHi6S1U:735,j:6023981398622022349,t:24012810

සෞඛ්‍ය කාඞ්පත Tessera sanitaria (TS e TS-CNS)

ඉතාලියේ ජාතික සෞඛ්‍ය සේවය ලෙස (SSN) තිබූ කාඞ් පත වෙනුවට එය වැඩි දියුනු කර එයට මයික්‍රෝ චිපයක් ඇතුලත් කොට සෞඛ්‍ය හා ජාතික සේවා කාඞ් පත ලෙස(TS-CNS) නිකුත් කිරීම 2011 සිට ආරම්භ විය. චිපය රහිත ජාතික සෞඛ්‍ය සේවා කාඞ් පත වෙනුවට චිපය සහිත නව කාඞ් පත මගින් සාමාන්‍ය ලබා ගත හැකි සෞඛ්‍ය සේවාවන්ට අමතරව රාජ්‍ය පරිපාලන ජාලය විසින් සපයනු ලබන සේවාවන් වෙත ප‍්‍රවේශ වීමට ද ඉඩ සලසයි. නිරපේක්ෂ දත්ත ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය ගෞරවාන් ලෙස ආරක්ෂා කර දීම මෙමගින් තහවුරු කරයි.

සෞඛ්‍ය කාඞ්පත ජාතික සේවා කාඞ්පතක් (TS-CNS) ලෙස භාවිතා කිරීම සඳහා, TS-CNS සමග ප‍්‍රවේශ ක‍්‍රමයෙහි උපදෙස් අනුගමනය කරමින් එය සක‍්‍රිය කිරීම අවශ්‍ය වේ.

සෞඛ්‍ය කාඞ්පත නොමිලේ නිකුත් කෙරෙන අතර, සාමාන්‍යයෙන් වලංගු වන්නේ වසර 6ක් හෝ පදිංචි බලපත‍්‍රයේ කාලසීමාවට සමාන වන ලෙසය. එහි කල් ඉකුත් වූ පසු, එය ආර්ථික හා මුදල් අමාත්‍යාංශය විසින්, සේවාවේ සහාය ලබන සියලූම පුරවැසියන් වෙත යවනු ලැබේ.

පුරවැසියකු වෛද්‍යවරයා හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා වෙත යන විට, ෆාමසියෙන් ඖෂධයක් ලබා ගන්නා විට, විශ්ලේෂණ රසායනාගාරයක පරීක්ෂණයක් වෙන්කරවා ගන්නා විට, විශේෂඥ වෛද්‍යවරයකු රෝහලට හෝ ASL වෙත ගිය විට සහ ඕනෑම අවස්ථාවක එය ඉදිරිපත් කල යුතුවේ. ඒ සෑම විටම බදු කේතයද ඉදිරිපත් කලයුතු වන අතර නව කාඞ් පතට එය ඇතුලත් කිරීමෙන් එම බහු කාර්යයන් මෙම එක් කාඞ් පතකින් සපුරා ගැනීමට මග සලසා ඇත.

සෞඛ්‍ය කාඞ් පතේ ඉදිරිපස ඇතුලත් දත්ත

x බදු කේතය සහ රෝගියාගේ පුද්ගලික දත්ත
x උපන් ස්ථානය – ඉතාලියේ උපන් පුරවැසියන් සඳහා උපන් නගර සභාවට අනුව අනුරූප වන අතර විදේශ පුරවැසියන් සඳහා විදේශ රටට අදාල සංකේතය සඳහන් වේ.
x පළාත- දරන්නාගේ උපන් අවස්ථාවේ අදාල පළාතේ කෙටි යෙදුමට එය අනුරූප වේ,
x කල් ඉකුත්වන දිනය- වසර 6ක් වන අතර විදේශිකයෙකු නම් රැුඳී සිටීමේ බලපත‍්‍රයේ කල් ඉකුත් වන දිනය අදාල වේ.
x ඇස් නොපෙනෙන අය සඳහා බ්‍රේල් ආකෘතිය යටතේ සම්මත තිත් 6 බ්‍රේල් ආකෘතියේ අකුරු තුනක් සඳහන්වේ.

ඉතාලිය තුල පමනක් නොව යුරෝ කලාපයේ සහ ඊට ඇතුලත් නොවන සමහර රටවලින්ද මෙමගින් සේවාවන් ලබා ගත හැකි වේ. එක් එක් රටට අදාල වෙනස් කොන්දේසි තිබෙන අතර බොහෝ විට ටිකට් ගාස්තුවක් අයකෙරේ.

කාඞ්පතේ පසුපස සටහන් වන දත්ත
x රෝගියාගේ පුද්ගලික තොරතුරු සටහන් කර ඇති චුම්බක තීරුව.
x බදු කේතය බාර්කෝඞ් ආකෘතියෙන්.
x කාඞ්පත නිකුත් කරන රාජ්‍යයේ හැඳුනුම් කේතය (ඉතාලි සඳහා කේතය IT වේ, ISO 31661 කේතය අනුව.
x රෝගියාගේ දත්ත (වාසගම, මුල් නම, උපන් දිනය, පුද්ගලික හැඳුනුම් අංකය, කාඞ්පත් හඳුනාගැනීමේ අංකය සහ කල් ඉකුත්වන දිනය
.
x පුරවැසියෙකුට විදේශයන්හි සෞඛ්‍ය සේවා සඳහා හිමිකම් නොමැති නම්, T.E.A.M. හි

(Tessera Europea Assistenza Malattia) (යුරෝපීය රෝග ආධාර කාඞ් පත* හි වාර්තා කර ඇති දත්ත. තරු ලකුණු මාලාවකින් ආවරණය වනු ඇත.

මෙහිදී වැදගත්ම කාරනය වන්නේ මේ සා විශාල සේවාවන් රැසක් සඳහා භාවිතා වන මෙම චිපයක් සහිත නව කාඞ්පතට අදාලව කිසිදු ජෛවමිතික දත්තයක් ලබා නොගන්නා බව හා මෙහි ඇති අනෙකුත් දත්ත වල ආරක්ෂාව හා පුද්ගලයාගේ පෞද්ගලිකත්වය ගෞරවාන්ත ලෙස ආරක්ෂා කරන්නටත් කටයුතු කර තිබීමයි.


බදු කේතය (පුද්ගල) Codice Fiscale:
වැට් බදු කේතය (ආයතන) Partita Iva:

එය කුමක්ද? සහ එය ගණනය කරන්නේ කෙසේද?

බදු කේතය, ඉතාලි පුරවැසියන් අනන්‍ය ලෙස හඳුනා ගැනීම සඳහා, බදු සහ පරිපාලන අරමුණු සඳහා භාවිතා කරන කේතයකි. එය පුද්ලගයින් සඳහා එක් ආකෘතියකටත් ආයතන වෙත වෙනස් ආකෘතියකටත් නිකුත් කෙරේ.

බදු කේතය (පුද්ගල) Codice Fiscale:
එය සරල ඇල්ගොරිතමයක් මගින් ජනනය කරන ලද අක්ෂර 16 කින් යුත් අක්ෂරාංක කේතයක් වන අතර 1973 දී හඳුන්වා දෙන ලදී.
දළ වශයෙන් මෙම බදු කේතය ගණනය කිරීම සිදු කෙරෙන ආකාරය පිළිබඳව සලකා බලමු.

x බදු කේතයේ පළමු අකුරු තුන වාසගමෙන් ලබාගෙන ඇත (සාමාන්‍යයෙන් පළමු, දෙවන සහ තෙවන ව්‍යාංජනාක්ෂර)
x නමෙන් දෙවන තුන (සාමාන්‍යයෙන් පළමු, තෙවන සහ හතරවන ව්‍යාංජනාක්ෂර)
x උපන් වර්ෂයේ අවසාන ඉලක්කම් දෙක
x මාසය සඳහා අක්ෂරයක් (A – ජනවාරි , ” B” C” D” E” H” L” M” P” R” S” T = දෙසැම්බර්)
x උපන් දිනය – කාන්තාවන් සම්බන්ධයෙන්, 40ක අගයක් එකතු කර ඇත. උදාහරණයක් ලෙස, 52 ලියා ඇත්නම්, එය මාසයේ 12 වන දින උපත ලද කාන්තාවක් පමණක් විය හැකි බව පැහැදිලිය.
x අදාල මහනගර සභා හෝ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට අදාල කේතය (අක්ෂර හතරක්)
x බදු කේතයේ නිවැරදි බව තහවුරු කිරීම සඳහා යොදන අක්ෂරය.

පුද්ගලයන් දෙදෙනෙකුට එකම බදු කේතය තිබිය හැකි නමුත්, මෙම අවස්ථාවෙහිදී, අපැහැදිලි බව විසඳීම සඳහා ආදායම් නියෝජිතායතනය සමහර අක්ෂර ප‍්‍රතිස්ථාපනය කරයි. බදු සංග‍්‍රහයේ මෙම මාර්ගගත ගණනය කිරීම 12/03/1974 අමාත්‍ය නියෝගයේ නීති රීති අනුගමනය කරයි, දුර්ලභ සමලිංගික (විදේශීය පුරවැසියන් සඳහා නිතර නිතර) සහ ආදායම් නියෝජිතායතනයට පමණක් දන්නා අදාළ නිවැරදි කිරීම් නොසලකා හැරේ.

මෙම බදු කේතය නැතිනම් ෆිස්කල් කෝඞ් එක ලබා දෙන්නේ උපතේදීමය. යම් සංක‍්‍රමණිකයෙකු ඉතාලියේ රැුඳී සිටින්නෙකු නම් වාසය කිරීමේ නීතිමය අවසර පත් ලැබෙන විටම එය නිකුත් කරයි.

එතැන් බොහෝ අවස්ථාවලදී එය භාවිත වේ. රැකියාවට ඇතුලූ වන විට එය අනිවාර්යයෙන්ම අවශ්‍ය වන අතර විශ‍්‍රාමය දක්වාම සියලූ ගනුදෙනු සුරැකිව ගබඩා වන සහ අවසානයේ විශ‍්‍රාම වැටුප ගණනය කිරීම ඇතුලූ සියලූ දේ සඳහා මෙය අනිවාර්යයෙන්ම භාවිත වේ. එමෙන්ම සියලූම ගනුදෙනු කටයුතු වලදී බදු ගෙවීමේදී හෝ යම් ගෙවීමක් පැහැර හැර ඇත්නම් ඒ පිළිබඳව පවා මෙමගින් තහවුරු වේ.

වැට් බදු කේතය (ආයතන) Partita Iva:

පුද්ගලයකු වෙත උපතේදීම නිකුත් කෙරෙන පුද්ගල බදු කේතයට අමතරව යම් ආයතනයක් ලියාපදිංචි කිරීමේදී එම ආයතනයට වෙනම බදු කේතයක් නිකුත් කෙරේ. එය අංක 11කින් සමන්විත වැට් අංකය වේ. Partita Iva ආයතනයක් සියලූ බදු කටයුතු වලදී සම්බන්ද වන්නේ මෙමගිනි. මෑත කාලීනව මෙය ඉලෙක්ට්‍රොනික ගත කල අතර ඕනෑම ඉන්වොයිසයක් රිසිට් පතක් බිලක් වලංගු වන්නේ ආදායම් බදු ඒජන්සියේ දත්ත පද්ධතිය සමග සම්බන්ද කර තිබෙන ගබඩාවක් වෙත යැවීමෙන් පසුවය. ඒ සඳහා වෙනම හුවමාරු පද්දතියක් (SDI) il Sistema di Interscambio ලබාදී තිබෙන අතර බිල් නිකුතුවේදී එය ඇතුලත් කල යුතුය. වැට් බදු හෝ ආදායම් බදු වංචාවන් මේ මගින් සැලකිය යුතු ප‍්‍රමානයකට අවම කර තිබේ. කලින් සමහර විට බිල්පත් රෙජිස්ටර් නොකර සිටීමේ අවස්ථාව මෙමගින් වලක්වා තිබීම එයට හේතුවයි.

ලාබ නොලබන/ව්‍යාපාරික කටයුතු වල නිරත නොවන තට්ටු නිවාස වැනි ගොඩනැගිලි පරිපාලනයට හා විවිධ අරමුණු සඳහා කටයුතු කරන ලාබ නොලබන සංවිධාන/සංගම් සඳහා අංක 11 කින් යුත් බදු කේතයක් නිකුත් කෙරේ. Codice Fiscale

මෑත කාලීනව මෙය සෞඛ්‍ය සේවා සඳහා නිකුත් කරන කාඞ් පත හා එක්කොට තව වැඩි දියුණු කර චිපයක් සහිත එක් කාඞ් පතක් ලෙස නිකුත් කෙරේ. මෙහි ඇති විශේෂය වන්නේ උපතේ සිට මරණය දක්වා පුද්ගලයෙකුගේ බදු ගෙවීම්/ලැබීම් සඳහා භාවිතා කරන මෙයට ජෛවමිතික සාධක ඇතුලත් නොවීමයි. මේ සඳහා භාවිත වන්නේ පුද්ගලයාගේ සම්පූර්ණ නම/උපන් දිනය/උපන් ස්ථානය/පදිංචි ස්ථානය/ස්ත‍්‍රී පුරුෂ භාවය ආදිය පමනක් වීමයි.

මේ වන විට ඉතාලියේ නිකුත් කිරීම ආරම්භ කර තිබෙන නව විද්‍යුත් හැඳුනුම් පතට මෙන්ම සෞඛ්‍ය කාඞ්පතටද මෙම පුද්ගල බදු කේතය ඇතුලත් කිරීම සිදු කෙරෙන අතර ඒ පිළිබඳව ඉදිරි ලිපියකින් බලා පොරොත්තු වන්න.

leave a reply