හුඟක් හොඳ කියවීමක් බත්පතකින් කළ හැක.

ගුරුවරියක සිටි කාලයේ මගේ ආසම වැඩක් වූයේ ළමයි කෑවේ මොනවාද ,කන්න ගෙනාවේ මොනවාද යන්න සෙවීමයි.

එකළ මා ප්‍රාථමික ගුරුවරියක්ව සිටි අවධියයි.ගමටත් නගරයටත් දෙකටම අයිති නැති පාසල දුප්පත්කමට අයිති විය.

දරුවන්ගේ බත්පත සරලවිය.නමුදු බත් ටිකක් රැගෙන ඒම සාමාන්‍ය සිරිත විය.

සෝයාමීටි ,බත්
පරිප්පු ,බත්
හාල්මැස්සෝ ,බත් ජනප්‍රිය මෙනුය.ඉඳහිට කොළයි බතුයි පමණක් ගෙනා ළමයි ද විය.

ගුරුවරිය කථිකාචාර්යවරියක් වූවාය.
බත් පත් බැලීමේ ක්‍රීඩාව නතර විය ..

පුරුද්දක් එහෙම මැරිය නොහැක.
පාඩම් බලන්නට පාසල්වලට ගිය පසු සාරියට,හිනාවට,හවඩියට ,මාලයට වහවැටී වටේ එන කොල්ලන් කෙල්ලන් අල්ලාගෙන බත්පත් විමසීම ඉන්පසු මගේ විනෝදාංශය විය.

එය හුදු විනෝදයක් නොවේ.උන්ගේ ජීවිත කියවීමකි.

මා යන්නේ ගොඩක් ග්‍රාමීය පාසල්වලටය.ගොඩක් පවුල් බිඳිලාය.එක්කෝ ආර්ථික කුනාටුවට,සමාජ සුළියට හසුවෙලාය.

බත් බනිස්,පාන් කුරුල්ලන්ට,මාළුපාන්වලට මාරුවෙලාය.

බත් උයන්න අම්මා ගෙදර නැත.එක්කෝ වෙලාවක් නැත.එක්කෝ දවල්ටත් උයන්න තියෙන බැවින් උදේ කෑම මඟහැරලාය.

අද වෙද්දී ලංකාවේ ගොඩක් දරුවන්ට රජෙක්ට මෙන් උදේ කෑම නැත.
දරුවන්ට රජ සිහින නැත.
දරුවන් රජ කරවන්නට කාටවත් වුවමනාවක්ද නැත.

අම්මලා තාත්තලාට පවුල් ප්‍රශ්නය .
ආර්ථික ප්‍රශ්නය .

රජයට පවුල ප්‍රශ්නයක් ය.
ආර්ථිකය කොහොමත් අවුල්‍ ය.

දැනට අපි ඉන්නේ ආසියාවේ ම මන්ද පෝෂණයේ ඉහළම තැනය.

පෝෂණයක් නැති පරම්පරාවක අනාගතය කොතනටද?

මෙතෙක් ග්‍රාමීය පාසල්වල උදේට බත් ටිකක් දීම,කොළකැද ව්‍යාපෘති ආදිය ක්‍රියාත්මකවූ නමුත් දැන් එයත් නතර වී ඇත.

තවදුරටත් මේ ගැටලු පැවතුනහොත් අපිට තව පරම්පරා ගණනාවක් ම අපිට අහිමි වනු ඇත.

දෙමාපියන්ට දරුවන් ගැන හැඟීමක් තිබිය යුතුමය.

එසේම රජයකට පවුල,සමාජය ,ආර්ථිකය ගැන මනා සැලැස්මක් තිබිය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...