නැව ඇවිත් ළඟටම කතන්දර කියයි දිගටම

Date:

අහිතකර බැක්ටීරියා අඩංගු යැයි පවසන චීන සමාගමකට අයත් කාබනික පොහොර තොගය මෙරටට නොගෙනෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් මේ වනවිට සනාථ වී තිබෙන්නේ එම පොහොර තොගය රැගත් නෞකාව කොළඹ වරාය ආසන්න මුහුදු සීමාවට සේන්දු වී ඇති බවයි. ඒ අතරතුර එම චීන සමාගම සහ ලංකාවේ තැරැව්කාර සමාගමට මුදල් නොගෙවන ලෙසට කොළඹ වාණිජ මහා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙසේ අධිකරණ නියෝගයක් පැනවෙන අතරතුර එම නෞකාවට වරාය භූමියට ඇතුල් වීමට අවසර ලබා නොදෙන ලෙසට අදාළ සියලු අංශ වෙත නියෝගයක් නිකුත් කර ඇති බව හබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් තුන් වතාවක්ම පරීක්ෂණ කර අහිතකර බැක්ටීරියා සිටින බවට සනාථ වූ මෙම පොහොර තොගේ ලංකාවට පැමිනීම වලක්වා ගැනීමට ලංකා රජයට හැකියාවක් ලැබී නැහැ. මෙය චීනයේ බලහත්කාරී මැදිහත්වීමක් දැයි යන්න පිළිබඳව තවමත් සනාථ වී නැතත් මේ හරහා ඔප්පු වී තිබෙන්නේ ලංකා ආණ්ඩුව චීනයට යටත් වී ඇති බවයි. කුමන අයුරකින් හෝ මෙම පොහොර තොගේ අපේ ගොවිබිම් වලට ගියොත් සිද්ධ වෙන හානිය පිළිබඳව ඒවා පිළිබඳව පර්යේෂණ කළ පර්යේෂකයන් ලංකා රජයට අනතුරු අඟවා තිබුණා.

පහත පළ වන්නේ මහචාර්ය නාලිකා රණතුංග මහත්මිය තැවුලෙන් තබා තිබුණු සටහනක්

වේදනාවෙන් ලියමි

මහචාර්ය නාලිකා රණතුංග
– රුහුණු විශ්වවිද්‍යාලය –

තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ශණයෙන් අසමත් වූ, ශාක රෝගකාරක බැක්ටීරියා ඇතුළු තවත් ක්ශුද්‍රජීවීන් සිටිනබව හොඳාකාරවම දන්නා, නයිට්‍රජන් ප්‍රභවය නොදන්නා චීන කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාවට අද රාත්‍රියේ පැමිනීමට නියමිතය.
එය ලංකාවට ගොඩබානවාද නැද්ද යන තීරණය අතර ඇත්තේ අත්සන් කිහිපයක් පමණි.
එසේ ගසනු ලබන අත්සන් කිහිපය මඟින් මේරටේ කෘශිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය කරනු ඇත.
මෙසේ ගෙනෙන ලද ක්ශුද්‍ර ජීවීන් අපේ පසට, අපේ බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරතිදැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවෙකු නැත. මිනිසුන් මෙන්ම කාර්මීකරනය වූ ප්‍රදේශ බහුල චීන පසෙහි ඇති ක්ශුද්‍රජීවීන්ද වඩාත් ආක්‍රමනශීලී වේ යැයි නිකමට මට සිතේ
මේ වැරැද්ද මතු කිසිම දිනක නැවත හැරවිය හැකි එකක් නොවේ..යම් හෙයකින් රට සුරකින නිරෝධායන ආරක්ශිත වලල්ල බිඳ හෙලුවහොත්, අනාගතයේ තව තවත් මෙවැනි ව්‍යසන අපේ මව්බිම කරා ඉතා පහසුවෙන් ලඟා වෙනු නොඅනුමානය…
කෙතරම් පොරොන්දු දුන්නද, මෙය අපගේ රට තුළට ඇතුලු නොකර සිටීමට තරම් බලය ඇත්තෝ සංවේදී වේ යැයි සිතීමට තරම් කිසිදු සාක්ශියක් මා සතුව නොමැත.

බලවත් සිත් තැවුලෙන් මෙසේ ලියා තබමි
23/10/2021 මධ්‍යම රාත්‍රී 12.09

Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...