දේශීය ගොවියා ආරක්ෂා කිරීමට යයි කියා ආනයනික ළූණුවලට බදු ගැසීමේ ප්‍රෝඩාව

දේශීය ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සඳහා ආනයනික ලොකු ළූණු සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවන බව ආණ්ඩුව පැවසුවත් අවසානයේ සිදුව ඇත්තේ දේශීය ගොවීන් කබලෙන් ලිපට ඇද දැමීම බව පෙනෙන්නට තිබේ.

දේශීය ලොකු ලූනු මිල දී ගැනීමට රජය හඳුන්වා දී ඇති නිර්ණායකයන්වලට ගොවි සංවිධාන ඇතුලු පාර්ශ්ව රැසක් චෝදනා එල්ල කර ඇත. ආනයනික ලොකු ලූනු අලෙවි කරගැනීමට ඉඩදීම සඳහා රජය විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ගොවීන් චෝදනා කරයි.

ලංකා සතොස හරහා ලොකු ලූනු මිලදී ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති නමුත් මේ වනවිටත් ලූණු ගොවියන් පීඩා විදින තත්ත්වයක් දක්නට ලැබේ. එම වැඩසටහනට අනුව රජය ලොකු ලූනු මිලදී ගැනීමේදී කොන්දේසි 17ක් ද පනවා ඇත.

එබැවින් රජය මිලදී ගන්නා ලොකු ලූනු ගෙඩියක විෂ්කම්භය විය යුත්තේ මිලිමීටර් 35 – 65ක් බව පවසයි.

එසේම විෂ්කම්භය මිලිමීටර් 65ට වැඩි සහ මිලිමීටර් 35ට අඩු ලොකු ලූනු තොග මිලදි ගැනීමේදී ද කොන්දේසි පනවා ඇත. ඒ අනුව එම ලූනු මුළු තොගයේ බරින් සියයට දහය නොඉක්ම විය යුතු වේ.

මේ අතර මිලදී ගැනීමේ ප්‍රමිතියට අනුව ලොකු ලූනු කිලෝවක් සඳහා ගෙඩි අටක් පමණ අන්තර්ගත විය යුතු බවද රජය ලූනු ගොවීන්ට කොන්දේසි පනවා ඇත. ඒ අනුව එම ලොකු ලූනු කිලෝවක ගැණුම් මිල දැක්වෙන්නේ රුපියල් 140 ක් ලෙසයි.

දේශීය ලොකු ලූනු මිලදී ගැනීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙන්කර ඇති ස්ථානය වෙත ගොවීන් පැමිණ ඇති අතර එහිදී ගොවීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

නමුත් එහි සිටි නිලධාරීන් පවසා ඇත්තේ පසුගිය 10 වැනිදායින් පසු මෙම ස්ථානයට දේශීය ලොකු ලූනු නොලැබුණු බවයි. මේ වනවිට තඹුත්තේගම, තලාව, නොච්චියාගම ආදී ප්‍රදේශවල ලොකු ලූනු ගොවීන් තවමත් සිය අස්වනු අලෙවි කරගත නොහැකිව අසරණව සිටින බව වාර්තා වේ.

ගොවින් චෝදනා කරන්නේ අස්වනු නෙලීමට ප්‍රථම ආනයනික ලුනු සඳහා බදු පැනවිය යුතු වුවත් ලූනු ආනයනය කිරීමෙන් පසු බදු පැනවීම නිසා දේශීය ගොවීන්ට ඉන් කිසිදු සහනයක් නොලැබුණු බව ගොවීන්ගේ අදහසයි.

ආණ්ඩුව මෙවැනි බදු වැඩිකිරීම් කරන්නේ දේශීය නිෂපදකයා ආරක්ෂා කිරීමට නොව බොරු හේතු ඉදිරිපත් කරමින් බදු ආදායම වැඩිකර ගැනීමටයි.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...