මනූෂලා බයකරන පාර්ලිමේන්තුවෙන් එළියේ බලය

ගලුමුවදොරට එල්ල වූ ප්‍රහාරය ගැන ඊයේ (25) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මනුෂ නානායක්කාර ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවෙන් පිට බලයක් නිර්මාණය විය යුතු බව පවසන රටේ මහජන මතය දිනාගැනීමට බැරි පිරිසකට කණ්ඩායම්වල අවශ්‍යතාවයන්ට මේ අරගලයේ ඇතැම් පාර්ශව ක්‍රියාත්මක වෙන්න පටන් ගෙන තිබෙන බවයි.

සන්නද්ධ අරගලයක් දක්වා යන තැනකට මේ අරගලය ක්‍රියාත්මක වූ බවත් එයට විරුද්ධව රාජ්‍ය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආණ්ඩුව ආරක්ෂා කරගැනීම හෝ පුද්ගලයෝ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව පෙනී සිටි බවත්ය.

මනුෂ නානායක්කාරලා ඇතුළු නඩය දිගින් දිගටම පාර්ලිමේන්තුව රැකගැනීම, ව්‍යවස්ථාවට අනුව, නීතියට අනුව වැඩකිරීම ගැන මැතිරීමට පටන් ගෙන තිබේ. එහිදී මනුෂම සඳහන් කරන ආකාරයට ඒ සඳහා බලපා තිබෙන්නේ ගාලුමුවදොර අරගලකරුවන් විසින් ඉදිරිපත් කර ඇති ක්‍රියාකාරී සැලැස්මේ ඇති මූලික යෝජනාවක් වෙන පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් ගොඩනැගීම එනම් මහජන කවුන්සිලයක් ගොඩනැගීමට අදාළ යෝජනාවයි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ විපක්ෂ බොහොමයක් දෙනා සිදුකරන මැතිරිම පිටුපස තිබෙන සත්‍ය හේතුව මනුෂගේ කතාවෙන්ම හෙළිවේ. ඔවුන් සියලු දෙනා බලයේ රැඳී සිටින්නේ බලයට එන්නට දඟලන්නේ මෙම මර්දනකාරී රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහායි.

නමුත් එයට වෙනස්ව ගෝල්ෆේස් අරගලකරුවන් ඉල්ලා සිටින්නේ මිනීමරු රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් නොව ජනතාවගේ ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලෙසයි. ජනතාවටද රාජ්‍ය පාලනයේ තීන්දු තීරණ ගැනීමේ අයිතිය ලබාදෙන ලෙසයි. මනුෂලා බය වී සිටින්නේ එයටයි. එවැනි දෙයක් සිදුවහොත් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු පැමිණ එම මතයට පයින් ගැසූ මනුෂලා වැනි තක්කඩින්ට යන එනමං නැතිවන නිසා විය යුතුය.

 

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...