ඖෂධ හිඟයෙන් පිළිකා රෝගීන්ගේ ජීවිත අනතුරේ

පියයුරු පිළිකා රෝගීන්ට ලබාදෙන එන්නත් ඇතුළු පිලිකා රෝගීන් සදහා භාවිතා කරන ඖෂධ වර්ග 20 කට ආසන්න සංඛ්‍යාවක් නොමැතිවිම නිසා අඛණ්ඩව ප්‍රතිකාර කිරිම නතර වීමෙන් රෝගින් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ.

කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කරාපිටිය සහ යාපනය මහ රෝහල් සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් රැසක එන්නත් ඇතුළු ඖෂධ නොමැති බව පැවසේ.

පියයුරු පිළිකා එන්නත් 1000 ක් ලබාගැනීමට ප්‍රසම්පාදන අනුමැතිය හිමිව තිබුණත් එන්නත් 500 ක් පමණ ලබාගෙන රෝහල්වලට බෙදාහැර හැරියත් එම එන්නත්ද අවසන් වීම නිසා පියයුරු පිළිකා රෝගීන්ට අඛණ්ඩව ප්‍රතිකාර කිරීමට නොහැකිවී තිබෙන බවට රෝහල් අධ්‍යක්ෂවරුන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දි තිබේ.

පිලිකා රෝගීන්ට අඛණ්ඩව ප්‍රතිකාර කළයුතු වුවත් මෙම ඖෂධ හිගයෙන් රෝගී සත්කාර සේවා සම්පූර්ණයෙන්ම බිද වැටී ඇති බව වාර්තා වේ.

පිළිකා රෝගීන් 3000 ක් පමණ වර්ෂයකට ප්‍රතිකාර සදහා එක්වන බවත් මහරගම අපේක්ෂා රෝහලෙන් රෝගීන් 1000 ක් පමණ දෛනිකව නේවාසිකව සහ බාහිරව ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...