ඖෂධ හිඟයෙන් පිළිකා රෝගීන්ගේ ජීවිත අනතුරේ

පියයුරු පිළිකා රෝගීන්ට ලබාදෙන එන්නත් ඇතුළු පිලිකා රෝගීන් සදහා භාවිතා කරන ඖෂධ වර්ග 20 කට ආසන්න සංඛ්‍යාවක් නොමැතිවිම නිසා අඛණ්ඩව ප්‍රතිකාර කිරිම නතර වීමෙන් රෝගින් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ.

කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කරාපිටිය සහ යාපනය මහ රෝහල් සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් රැසක එන්නත් ඇතුළු ඖෂධ නොමැති බව පැවසේ.

පියයුරු පිළිකා එන්නත් 1000 ක් ලබාගැනීමට ප්‍රසම්පාදන අනුමැතිය හිමිව තිබුණත් එන්නත් 500 ක් පමණ ලබාගෙන රෝහල්වලට බෙදාහැර හැරියත් එම එන්නත්ද අවසන් වීම නිසා පියයුරු පිළිකා රෝගීන්ට අඛණ්ඩව ප්‍රතිකාර කිරීමට නොහැකිවී තිබෙන බවට රෝහල් අධ්‍යක්ෂවරුන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දි තිබේ.

පිලිකා රෝගීන්ට අඛණ්ඩව ප්‍රතිකාර කළයුතු වුවත් මෙම ඖෂධ හිගයෙන් රෝගී සත්කාර සේවා සම්පූර්ණයෙන්ම බිද වැටී ඇති බව වාර්තා වේ.

පිළිකා රෝගීන් 3000 ක් පමණ වර්ෂයකට ප්‍රතිකාර සදහා එක්වන බවත් මහරගම අපේක්ෂා රෝහලෙන් රෝගීන් 1000 ක් පමණ දෛනිකව නේවාසිකව සහ බාහිරව ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...