තමන්ට සිදුවූ පහරදීම ගැන පොලීසිය සිදුකරන ප්‍රකාශයට ඩිලාන්ගෙන් විරෝධය

Date:

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක තියුණු ආයුධයකින් පහර දීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුහුණු ආවරණය කරගත් පසුගිය 14 වනදා දෙදෙනෙක් ත්‍රිරෝද රථයකින් පැමිණ ඔහුගේ නුගේගොඩ, පාගොඩ පාරේ නිවසේදී මෙම පහර දීම සිදුකර තිබුණා.

පහරදීමෙන් පසුව ඔහුව ප්‍රතිකාර සඳහා කළුබෝවිල දකුණු කොළඹ රෝහලට ඇතුළත් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ අරගල භූමියේ දී කාන්තාවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම පහර දීම සිදුව ඇති බවයි.

එහෙත් ඩිලාන් තම facebook පිටුවේ සටහනක් දමමින් මෙම පහරදීමට හේතුව ලෙස පොලීසිය සඳහන් කරන කාරණා හෙලා දැක තිබේ. එසේම ඇතැම් මාධ්‍ය පොලීසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට එහා ගොස් මෙම සිදුවීමට මත්ද්‍රවය සම්බන්ධ බවට සඳහන් කිරීම පිළිබඳවද ඩිලාන් සේනානායක සිය විරෝධය පළකර තිබේ.

ජූලි මාසයේ සිදු වූ සමච්චලයකට දෙසැමබර් මාසයේ පි$හියෙන් ඇනු$ම් 7ක්
පි$හි ඇනු$ම් 7ක්
මැහුම් 52ක්
දින එක හමාරක් මූ$ත්‍රා කිරීමට නොහැකිව සිටියා
දින 4ක් ම$ල පහ කිරීමට නොහැකිව රෝහල් ඇඳේ සිටියා.
මේ තිබෙන්නේ එම පහරවල් වල දිග පලල සහ ස්ථානය.
එසේම අවසාන රූපයේ තිබෙන්නේ බීන් බෑග් එක මත ඉඳගෙන සිටි මට අපරාධකරුවන් දෙදෙනා පි$හි පහර එල්ල කල ආකාරයයි.
මෙතරම් දින ගනනක් නිහඩව සිටියේ පොලිස් පරීක්ශණ සිදුවන බැවිනි. නිහඩ බව නිසාම රටේ පිලි ගත් පොලීසිය නිකුත් කලා යැයි කියන සැකකරුගේ කට උත්තරයේ තිබෙන්නේ මහා පරස්පරයකි. එන්ම් ජූලි මාසයෙදී අරගල භූමියේදී මා විසින් ගෑනු ලමයෙක්ට විහිලු කල බවත් මට පහර දුන් සැකකරු ඊට විරුද්ධ වූ විට මම ඔහුගේ කොලරයෙන් ඇල්ලු බවත් ඒ නිසා ඇති වූ ලැජ්ජාවට ජූලි මාසයේ සිට තරහ හිතේ තබාගෙන දෙසැමබර් මාසයේදි මෙම ඔබ දකින මැහුම් 52ක් දැමූ අමානුශීය පහර දීම
සිදු කලා යැයි කියයි. හාස්‍යයට කරුන නම් මතක ඇති කාලයක කිසිදු කෙනෙකුගේ කොලරයෙන් ඇල්ලු බව තියා ජූලි මාසයේ තියා අරගල භූමිය තුලදී කිසිදු කාන්තාවකට සමච්චල් කරනවට වඩා අපිට වැඩ තිබුනු බව මතකය. අඩුම තරමේ කාන්තාවක් සම්බන්ධව තියා වෙනත් හේතුවකටවත් කොලරවලින් අල්ලා ගෙන රන්ඩු කරන්න තරම් නිහීනයෙක් නොවේ.
ඉතින් පොලිස් පරීක්ශන තව දුරටත් සිදු කරන්නේ නම් මම කැමති දැන ගන්න කවුද ඒ කාන්තාව කියලත්. ඒ වගේම ඇයට මම කලා යැයි කියන සමච්චලය මොකක්ද ? එම සමච්චලය කරන විට ලග හිටියේ කෞද ? ආදී වශයෙන් කට උත්තරය මොකක්ද කියලත් දැන ගන්න කැමති.
හරි ඒක දුන්න කට උත්තරය එයමයි කියමුකො.
එම කට උත්තරය මාධ්‍යයට ලබාදීම පොලීසියේ වගකීමකි. එම වගකීම ඉටු කරමින් ඔවුන් නිල වශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට පෙර සමහර මේ රටේ වග කිව යුතු ජනමාධ්‍ය ආයතන වාර්ත කර ඇති ආකාරය පසුව කියන්නම්. මොකද ඔවුන්ට පොලීසියෙන් තව දේවල් කියා ඇත. නමුත් පොලීසියෙන් ඇහුවම කියන්නේ එය ජනමාධ්‍යට එවන් දෙයක් නොකියූ බවයි. ලෑස්ති වෙලා ඉන්න.

 

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...