මේ අප හිනාවෙන යුගයේ අවසන් දින කිහිපය නොවිය යුතුය.

එකළ අපි කෙල්ලන් ය…කොල්ලන් ය..නිදහස් අධ්‍යාපන ඉනිමගෙන්, මහපොළ මුදලින් නඩත්තු වූ කොළඹ කැම්පසයේ අලයෝය.

අද අපි අම්මලාය.තාත්තලාය.රටට බරක් නැති සේවකයෝය.හොරකම් නැත.ලැබෙන පඩිය හසුරුවා ගනිමින් ජීවිතය කළමනාකරණය කරගන්නෝය.

එහෙත් දැන් අපිට දුකක් ඇත.ඒ අපි විඳි ජීවිතයේ අංශුවක් හෝ විඳීමට අපේ දරුවන්ට නොමැති වීමයි.උන්ගේ අනාගතයම අපැහැදිලි ය.හෙටක් නැත.

රටට අරමුණක් නැත.රට බාරගන්නට ඉන්න පොඩිවුන්ට සිහින තියා සිහින දකින්නට සුව නින්දක් නැත.

ඉතින් අපිට අම්මලා තාත්තලා ලෙස නිහඬව සිටිය හැකිද?අපේ හඬ නොඇසුනද නොකඩවා අපි හඬ නැගිය යුතුය.

අපේ හඬ ප්‍රබල වන්නේ අපි හැමෝම එක්වූ විටය.

අපේ හඬ ප්‍රාණවත් වන්නේ පෞද්ගලික අරමුණුවලින් තොරව පොදුවේ සිතුවොත් පමණමය.

අපේ දරුවන්ගේ ජීවිත අනාගතය වෙනුවෙන් අපි රැකිය යුතුමය.

මේ අප හිනාවෙන යුගයේ අවසන් දින කිහිපය නොවිය යුතුය.


ගුරුමව්වරු,ගුරුපියවරු නෙවි අවශ්‍ය මඟපෙන්වන්නෝ

ආදරෙයි කියපු ගමන් ඇඳේ බුදියන් ඉන්නවා පේන්නේ

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...