මේ අප හිනාවෙන යුගයේ අවසන් දින කිහිපය නොවිය යුතුය.

එකළ අපි කෙල්ලන් ය…කොල්ලන් ය..නිදහස් අධ්‍යාපන ඉනිමගෙන්, මහපොළ මුදලින් නඩත්තු වූ කොළඹ කැම්පසයේ අලයෝය.

අද අපි අම්මලාය.තාත්තලාය.රටට බරක් නැති සේවකයෝය.හොරකම් නැත.ලැබෙන පඩිය හසුරුවා ගනිමින් ජීවිතය කළමනාකරණය කරගන්නෝය.

එහෙත් දැන් අපිට දුකක් ඇත.ඒ අපි විඳි ජීවිතයේ අංශුවක් හෝ විඳීමට අපේ දරුවන්ට නොමැති වීමයි.උන්ගේ අනාගතයම අපැහැදිලි ය.හෙටක් නැත.

රටට අරමුණක් නැත.රට බාරගන්නට ඉන්න පොඩිවුන්ට සිහින තියා සිහින දකින්නට සුව නින්දක් නැත.

ඉතින් අපිට අම්මලා තාත්තලා ලෙස නිහඬව සිටිය හැකිද?අපේ හඬ නොඇසුනද නොකඩවා අපි හඬ නැගිය යුතුය.

අපේ හඬ ප්‍රබල වන්නේ අපි හැමෝම එක්වූ විටය.

අපේ හඬ ප්‍රාණවත් වන්නේ පෞද්ගලික අරමුණුවලින් තොරව පොදුවේ සිතුවොත් පමණමය.

අපේ දරුවන්ගේ ජීවිත අනාගතය වෙනුවෙන් අපි රැකිය යුතුමය.

මේ අප හිනාවෙන යුගයේ අවසන් දින කිහිපය නොවිය යුතුය.


ගුරුමව්වරු,ගුරුපියවරු නෙවි අවශ්‍ය මඟපෙන්වන්නෝ

ආදරෙයි කියපු ගමන් ඇඳේ බුදියන් ඉන්නවා පේන්නේ

 

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...