Breaking News

ඉතාලි වීසා පතක් ඉල්ලුම් කිරීමට සූදානම් විය යුතු කාලය ආරම්භ වුණා

2025 ෆ්ලූස්සි නීතියට අනුව අයදුම් පත් සූදානම් කිරීමේ ක‍්‍රියාවළිය

ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, කම්කරු හා සමාජ ප‍්‍රතිපත්ති අමාත්‍යාංශය, කෘෂිකර්ම, ආහාර ස්වෛරීභාවය සහ වන විද්‍යා අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය විසින් 2025 වසර සඳහා ශ‍්‍රමික විදේශිකයන් සඳහා ඉතාලියට ඇතුල්වීමට ප‍්‍රවේශ ඇතුලත් මෙහෙයුම් ඇමුණුම් සහිත ඒකාබද්ධ චක‍්‍රලේඛයක් 2024 ඔක්තෝබර් 25 දින නිකුත් කරන ලදී. එය 145/2024 ව්‍යවස්ථාදායක නියෝගය මගින් හඳුන්වා දෙන ලදී.

2025 වර්ෂය සඳහා, ස්ථීර රැකියා ක්ෂේත‍්‍රයට අදාලව 70,720 ක කෝටාවක්ද, ස්වයං රැකියා අවස්ථ සඳහා 730 ක කෝටාවක්ද සහ සෘතුමය (තාවකාලික) රැකියා 110,000 ක් සඳහාද අවසර ලබා දී ඇත.

නොවැම්බර් 1 සිට 30 දක්වා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ Portale Servizi Ali del Ministero dell’InternoApre in una nuova scheda වෙබ් පිටුවට පිවිසීමෙන් නව අයදුම්පත‍්‍රය පිරවීමේ අවස්ථාව ලබාදී ඇත. ඒ අනුව 2025 පෙබරවාරි 5, 7 සහ 12 ඒ සඳහා නියමිත අයදුම් පත් යොමු කිරීමේ ක්ලික්් ඬේ ලෙස සඳහන් කර තිබෙන අතර අයදුම්පත් පිරවීමට හා යැවීමට එම ද්වාරයම භාවිතා කළ යුතුය.

Ali Services Por එක වෙත ප‍්‍රවේශ වීමට, අයදුම්පත් පෙර පුරවා යැවීමට, SPID හෝ  CIE යන ඩිජිටල් අනන්‍යතාවයක් අත්‍යවශ්‍ය වේ. තවද, අයදුම් කිරීමේ ක‍්‍රියාවලියට අදාළ සියලූම සන්නිවේදනයන් සඳහා සේවා යෝජකයන්ට ඩිජිටල් අවකාශයක් ලෙස ලියාපදිංචි කර ඇති PEC ලිපිනයක් තිබිය යුතුය.

විදේශයන්හි වෙසෙන විදේශීය පුරවැසියන් සමග ඉතාලියේ සෘතුමය නොවන (ස්ථීර) රැකියා සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට අදහස් කරන සේවා යෝජකයින් ප‍්‍රථමයෙන් ඉතාලි භූමියේ සිටින සේවකයින් නොමැතිකම පිළිබඳ නිසි රැකියා මධ්‍යස්ථානයෙන් Centro per l’Impiego වෙත යොමුකර එමගින් පරීක්ෂා කළ යුතු බව කරුණාවෙන් සලකන්න. ඉල්ලීමෙන් දින අටක් ඇතුළත රැකියා මධ්‍යස්ථානය ප‍්‍රදේශයේ සිටින ශ‍්‍රමිකයින් සිටින බව දැනුම් නොදුන්නේ නම් ඒ අනුව ඔබේ ඉල්ලූම් පත ඉදිරිපත් කල හැකිවේ.

Documenti correlati/ අදාළ ලියකියවිලි

• Circolare congiunta n. 9032/2024 – Flussi d’ingresso di lavoratori stranieri stagionali e
non nel territorio dello Stato per l’anno 2025  (ඒකාබද්ධ චක‍්‍රලේඛය)
• ALL. 1 Modulo richiesta personale/ සියලූම. 1 පුද්ගලික ඉල්ලීම් පෝරමය
• ALL. 2 Autocertificazione verifica indisponibilità/ සියලූම. 2 ස්වයං සහතික කිරීම නොමැති බව පරීක්ෂා කිරීම

ඒකාබද්ධ චක‍්‍රලේඛයට අනුයුක්ත කර ඇත්තේ a Centro per l’Impiego (රැකියා මධ්‍යස්ථානයේ) අයදුම් පත‍්‍රය සහ ඒ වෙතින් ප‍්‍රතිචාර නොමැතිකම, එය විසින් එවන ලද සේවකයාගේ නුසුදුසුකම හෝ සම්මුඛ පරීක්ෂණයට නොපැමිණීම පිළිබඳ ස්වයං සහතික කිරීමේ පෝරමයයි.

ඒ අනුව ඔබ කල යුත්තේ අදාල වෙබ් පිටුවට ගොස් ලියාපදිංචි වී නොවැම්බර් 1 සිට 30 දක්වා ඉල්ලූම් පත් පිරවීමට අදාල කාර්යයන් සූදානම් කර තබා ගැනීමත් අදාල ලේඛණ සූදානම් කරගැනීමත් හා ඒ ඒ ඉල්ලූම් පත් වලට අදාල නියමිත ක්ලික් දිනයට අනුව ඉල්ලූම් පත් යොමු කිරීමයි.

එක් පුද්ගලික අයදුම් කරුවකුට ඉල්ලූම් පත් 3ක් යොමුකල හැකි අතර විශේෂයෙන්ම පවුල් සෞඛ්‍ය සේවාව සඳහා ඉල්ලූම් කරන්නේ නම් තනි පුද්ගල ආදායම වසරකට යුරෝ 20000.00 ද පවුලේ ආදායම ලෙස ඉදිරිපත් කරන්නේ නම් යුරෝ 27000.00 ක ආදායමක්ද අවශ්‍ය වේ. වෙනත් ආකාරයකට කියන්නේ නම් එක් අයෙකුට මාසයක් සඳහා අවම යුරෝ 534.41ක් මුදලක් වෙන් කිරීමට හැකියාව තිබිය යුතුවේ. ආයතනයක් නම් අවම වාර්ෂික ආදායම යුරෝ 30000.00ක් විය යුතුවේ.

ක්ලික් ඬේ

ස්ථීර රැකියා ඉල්ලූම් පත් යැවීමට 2025 පෙබරවාරි 5 දින පෙරවරු 9.00 ට
පවුල් සෞඛ්‍ය සේවා සඳහා ඉල්ලූම් පත් යැවීමට 2025 පෙබරවාරි 7 දින පෙරවරු 9.00 ට

කෘෂිකර්ම සංචාරක සහ හෝටල් නවාතැන් යන තාවකාලික රැකියා සඳහා 2025 පෙබරවාරි 12 දින පෙරවරු 9.00 ද ලබා දී ඇති අතර ඉන් සංචාරක සහ හෝටල් නවාතැන් යන තාවකාලික රැකියා වලින් සියයට 70ක් සඳහා එම 2025 පෙබරවාරි 12 දින පෙරවරු 9.00 ලබා දී තිබෙන අතර එම සංචාරක සහ හෝටල් නවාතැන් යන තාවකාලික රැකියාවන්හි ඉතිරි සියයට 30 සඳහා ඉල්ලූම් කිරීමට ලබාදී තිබෙන්නේ 2025 ඔක්තෝබර් 1 දින පෙරවරු 9.00 වේ.

ඊට අමතරව පවුල් සෞඛ්‍ය සේවා සඳහා පෙර ලබාදී තිබූ 9500 කෝටාවට අමතරව කෝටාවෙන් පිට ලබා දුන් ඉතිරි 10000ක ප‍්‍රමානය සඳහාද ක්ලික් ඬේ එක වන්නේ 2025 පෙබරවාරි 7 දිනම වේ.

ඒ අනුව ඔබ යොමුකරන ඉල්ලූම් පත් අදාල කාල පරාසයට යටත්ව ලැබී නොතිබේ නම් ඔබේ ඉල්ලූම් පත එම අවස්ථාවේ කෝටාවට ඇතුලත්ව නොමැති බවට නිවේදනයක් ලැබෙනු ඇත.

එමෙන්ම මෙම කෝටාවට අමතරව එක්කල රැකියා 10000 සඳහා විශේෂයෙන්ම අවස්ථාව හිමි වන්නේ විශේෂ අවස්ථා සහිත අය හෝ උපස්ථාන අවැසි මහලූ අයවලූන් සඳහා වන අතර ඒ සඳහා ඉල්ලූම් කිරීමේ ක‍්‍රියාවළිය වෙනස් කොන්දේසි සහිත වන අතර එය දීර්ග හා සංකීර්ණ ඵීස්තරයක් වන හෙයින් එවන් ඉල්ලූම් කරුවන් ඒ සඳහා විශේෂ දැනුමක් ඇති අයගෙන උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.

ඒ අතර 2021 ගෙනා නීති සංසෝධනයට අනුව ඉල්ලූම් කර දින 30ක් ඇතුලත නූල්ල ඔස්ත එක නිකුත් කිරීමත් ඉන් දින 20ක් ඇතුලත වීසා එක නිකුත් කිරීමත් යන ප‍්‍රතිපාදනය ලංකාව බංග්ලාදේශය හා පාකිස්තානය යන රටවල ඉල්ලූම් කරුවන්ට මෙවර හිමි නොවනු ඇත. සිදුවූ දූෂණ වංචා සහ අක‍්‍රමිකතා හේතුවෙනු රතු ලේඛණයට එම රටවල් ඇතුල් වීම ඊට හේතුව වන අතර එම ඉල්ලූම් පත් සාමාන්‍ය ක‍්‍රම වේදය යටතේ පරික්ෂා කොට තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසුව අදාල නූල්ල ඔස්ත නිකුත් කිරීමට තීරණය වී ඇත.

එහෙයින් මෙවරද එවන් කුට ජාවාරම් කරුවන් මේ මොහොත වන විටත් තම ජාවාරම යහතින් කරන්නට සැදී පැහැදී සිටින අතර ඉතාලියට පැමිනීමට බලාපොරොත්තුවෙන් මුදල් ගෙවා අවස්ථාව හිමිකරගන්නට වෙහෙසෙන අයවලූන් ඔවුන්ගේ උගුල් වලට හසුවී තමන්ද අමාරුවේ වැටෙන අතර ලංකාව බ්ලැක් ලිසිට් කිරීමේ අවධානම ගැනද සිතා කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිමු.

මෙහි සඳහන් නොවන 2023 2025 ෆ්ලූස්සි නීතියට අදාල සමස්ත විස්තරය පරිශීලනය කිරීම සඳහා අපගේ පෙර ලිපිය පරිෂීලනය කරන මෙන් ඉල්ලා සිටිමු.




leave a reply