ලෝකය දෙස නව මනසකින් බැලිය යුතුව ඇත

covid-19 එන්නත ගොඩ ගසාගෙන සිටීම වැඩක් නැත. එක රටක පමණක් covid-19 වසංගතය තුරන් කළ නොහැක. මුඵ ලෝකයම එයින් මුදාගත යුතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් සංවිධාන තුලින් ප‍්‍රකාශ වී ඇත. එය පරම සත්‍යයකි. කොරෝනා උවදුරික් එක් රටකට පමණක් විමුක්තියක් ලබා ගත නොහැක. මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම සඳහා එය මුඵ. ලොවින්ම තුරන් කළ යුතුව ඇත. covid-19 සම්බන්ධයෙන් මෙය සත්‍යයක් බව අප ඉදිරියේ ඔප්පු වී ඇත. එක්දහස් නවසිය විසි ගණන් වලදී ලියෝන් ත්‍රොස්කි ලෝක ආර්ථිකය පිළිබඳව ප‍්‍රකාශ කළේ මෙයම නොවේද? ඔහු කියා සිටියේ එක් රටක සමාජවාදය ඇති කර ජනතාවට විමුක්තිය ළඟ කරගත නොහැකි බවත් මිනිසා සූරා කෑමෙන් ගලවාගෙන විමුක්තිය කරා ළඟාවිය හැක්කේ මුඵ ලොවම සූරා කෑමෙන් ගලවා ගැනීමෙන් පමණක් බවය ත්‍රොස්කි ප‍්‍රකාශ කළේ ආර්ථික හා සමාජ විමුක්තිය ගැනය අද කොරෝනාව මෙම දෘෂ්ඨිය ඔප්පු කර ඇත. මනුෂ්‍යයා විමුක්තිය ලඟාකර ගැනීමටනම් මෙම පරම සත්‍යය වටහාගත යුතු කාලය එළඹ ඇත. අද දියුණුයැයි ප‍්‍රකට ලොකයේ දරුවන් මෙන්ම වැඩිහිටියන්ද ගත කරන්නා වූ ජීවිතය හා ආර්ථික වශයෙන් දුර්වල ආසියාවේ ලතින් ඇමෙරිකාවේ හා අප්‍රිකාවේ රටවල්වල දරුවන් කුසගින්නෙන් මිරිකී ඇටසැකිලි බවට පත් වී මිය යන ආකාරය ප‍්‍රදර්ශනය වීමෙන් එය ඔප්පුකර ඇත. මෙම විෂම ලෝකය වෙනස් කිරීම පිළිබඳව යම් අවබෝධයක් ඇති කිරීමේ කාලය එළැඹ ඇත. ලෝකය දෙස නව මනසකින් බැලිය යුතුව ඇත. අද අවශ්‍ය වී ඇත්තේ ජාති ” වර්ණ” ආගම් හෝ ප‍්‍රාදේශික භේද වලින් තොර මනුෂ්‍ය අභිමානය ගරු කරන එක් ලෝකයක් ගොඩ නැගීමය. බෞද්ධ, ක්‍රිස්තියානි , ඉස්ලාම් හා වෙනත් ආගමික නායකයින් මෙන්ම ත්‍රොස්කි ද ප‍්‍රකාශ කළ දෙය ඔවුන්ට ඔප්පු කර පෙන්විය නොහැකි වූ දෙය කොරෝනාවෙන් ඔප්පු කර පෙන්වා ඇත. අද මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සඳහා අවශ්‍ය වී ඇත්තේ ජාති. ආගම් භේද වලින් තොර එක් ලොවක් බව කොරෝනාව ඔප්පුකර පෙන්වා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...