පොලිස් මැරයො ගාල්ලේ දී ගෝඨගේ අණ ක්‍රියාත්මක කරයි

අද උදෑසන ජනාධිපති රාජපක්ෂ මැරයාගේ මැර පොලිසිය පැමිණ ගාල්ලේ ගෝඨාගෝගමේ අට්ටාලය කඩා බිඳ දමා ජනතාවට ප්‍රහාරයක් එල්ල කර තිබේ.මෙම මැර ක්‍රියාවට පැමිණි පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ ඉහළින් ආ නියෝගයක් අනුව තමන් ක්‍රියාත්මක වන බවයි.

ඊයේ රාත්‍රියේ මෙම ස්ථානයේ විශාල පිරිසක් රැඳී සිටිමින් උද්ඝෝෂණයේ නිරත වී සිටි අතර ඔවුන් අද උදෑසන විසිර ගිය පසු ආණ්ඩුවේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පොලිසිය ලව්වා සිද්ධ කර තිබේ.ගෝඨාභය රාජපක්ෂ ගෙදර පළයං සටන් පථය  මුල් කරමින් දැන් රට පුරා ගෝඨාගෝ ගම් නිර්මාණය වෙමින් උද්ඝෝෂණය තීව්‍ර වෙමින් පවතින අතර මෙසේ තීව්‍ර වෙන උද්ඝෝෂණ ව්‍යාපාරය හමුවේ ගෝඨගේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර පිරිනැමීමට එකෙකු සොයා ගැනීමට නොහැකි තත්ත්වයට පත් වී තිබේ.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත මෙවැනි මැර ප්‍රහාරයක් මැඩ පැවැත්වීමට ජනතාව ඒකරාශී වීය  යුතුව තිබෙනවා .

මෙම මැර ප්‍රහාරයට එරෙහිව උද්ඝෝෂණයක් මේ වන විට සූදානම් වෙමින් තිබෙන අතර විශාල ජනකායක් ඒකරාශී වන බව දැනගන්නට තිබෙනවා.

පොලීසිය විසින් ජනතාවගෙ සාමකාමි උද්ඝෝෂණයකට බාධා කිරිමට එරෙහිව සහ කූඩාරම හෝ උද්ඝෝෂණය මාර්ගයට හෝ මහජනතාවට බාධාවක් නොවන බවට නීතීඥ වරුන්ගේ කරුණු දැක්වීම පොලිසිය විසින් පිලිගැනීමෙන් අනතුරුව පොලිසිය බාරයට ගත් කූඩාරම උද්ඝෝෂකයන්ට ලබා දීමට එකග වුණා.
එසේම පොලිසිය විසින් කිසිදු පැමිණිල්ලක් හෝ නොමැතිව කරන ලද මූලික අයිතිවාසිකම් කඩ කිරීමට එරෙහිව උද්ඝෝෂකයන් පොලිසිය ට පැමිණිල්ලක් ද ඉදිරිපත් කලා.
උද්ඝෝෂණය පෙර පරිදිම පැවැත්වේ.

Share post:

Popular

More like this
Related

‘හොඳ’ ඩඩ්ලි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන ‘සිහින ගමනාන්තය’...

“ඒ හඳ මෙතැන” – මම අනුරුද්ධ, කවි පොතක් එළි දක්වන්න තීරණය කළා

මම කවි පොතක් එළි දක්වන්න තීරණය කළා. ඒ පොතේ...

22 ට එරෙහි ජනමත විචාරණ ‘ගුණ්ඩුව’

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්...