උඹත් හෙට අරගලේ කොටස් කරුවෙක්

ඔළුවට අත තියන් පොළවේ හිටගෙන
අහස දිහා බැලුවට වැඩක් නැහැ මචං

සොබාදහම ඔක්සිජන් දුන්නට,
නිදහස සොයා ගන්න වෙනවා.

මද නල සිසිලස අරන් ආවට,
ඉර පායා එන විට මුදුනට,
සෙවණක් සොයා නොගත්තොත් පිච්චෙනවා.

ඇස් වසාගෙන ලොකු ලොකු හීන බැලුවට
ඇස් අරින මොහොතේදී,
ජීවිතයට දුෂ්කරම දේ හමු වෙනවා.

තනි තනිව ගොඩ යන්න හිතුවාට
පේනවද එහෙම බැරි බව.
අදත් උඹ පෝලිමේ ලත වෙනවා.

තවත් ඉවසන්නේ කොහොමද ?
ඇස් ඇරල බැලුවා නම් වටපිට ,
උඹත් හෙට අරගලේ කොටස් කරුවෙක් වෙනවා….

 

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...