උඹත් හෙට අරගලේ කොටස් කරුවෙක්

ඔළුවට අත තියන් පොළවේ හිටගෙන
අහස දිහා බැලුවට වැඩක් නැහැ මචං

සොබාදහම ඔක්සිජන් දුන්නට,
නිදහස සොයා ගන්න වෙනවා.

මද නල සිසිලස අරන් ආවට,
ඉර පායා එන විට මුදුනට,
සෙවණක් සොයා නොගත්තොත් පිච්චෙනවා.

ඇස් වසාගෙන ලොකු ලොකු හීන බැලුවට
ඇස් අරින මොහොතේදී,
ජීවිතයට දුෂ්කරම දේ හමු වෙනවා.

තනි තනිව ගොඩ යන්න හිතුවාට
පේනවද එහෙම බැරි බව.
අදත් උඹ පෝලිමේ ලත වෙනවා.

තවත් ඉවසන්නේ කොහොමද ?
ඇස් ඇරල බැලුවා නම් වටපිට ,
උඹත් හෙට අරගලේ කොටස් කරුවෙක් වෙනවා….

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...