පිළියන්දල ලොක්ඩවුන් ඉවත් කළේ බුද්ධි අංශ තොරතුරු අනුවයි – ගාමිණී ලොකුගේ

පසුගියදා (01) උදෑසන පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 52කම ආවරණය වන පරිදි හුදකලා කිරීමට බලධාරීන් තීරණය කළ ද ඊයේ(02) රාත්‍රීයේ එම තීරණය අමාත්‍ය ගාමිණී ලොකුගේගේ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් එය වෙනස් කර තිබුණි. ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් 10ක් පමණක් මේ වන විට හුදකලා කර තිබේ. මෙම සිදුවීමත් සමඟ වසංගතය අවස්ථාවේ යම් යම් සෞඛ්‍යමය කරුණු අනුව තීරණ ගැනීම සෞඛ්‍ය නිලධාරීන්ට බාර නොදී දේශපාලනඥයන් සහ හමුදා නිලධාරීන් ඒ සඳහා මැදිහත්වීමේ අනතුර ගැන සමාජය තුළ කතා බහක් ඇතිව තිබේ.

අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසන්නේ වසාදමා තිබූ පිළියන්දල ප්‍රදේශයේ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් තාම කිසිදු බලපෑමක් සිදු නොවූ බවයි. බුද්ධි අංශ තොරතුරු මත එම තීරණය ගත් බවද ඔහු පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කර සිටියේ තමන්ගේ ඉල්ලීම වුයේ මුළු පිළියන්දල ප්‍රදේශයම හුදකලා කිරීම වුවත් එය සිදු නොවු බවයි. රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා රෝගීන් 100ක පමණ ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ රැඳී සිටින බවත් තවත් වාර්තා නොවූ රෝගීන් රැසක් මෙම ප්‍රදේශයේ නිදැල්ලේ සැරිසරමින් සිටිය හැකි බවත් ඇය පවසා තිබේ.

මේ අතර ගාමිණී ලොකුගේ ඇමතිවරයාගේ පිළියන්දල මාවිත්තර නිවසේ පිහිටුවා ඇති කාර්යාලයේ සේවය කරන පුද්ගලයන් පස්දෙනෙක් කොවිඩ් – 19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. ඇමතිවරයා නිරෝධායනය නොවූවේ මන්දැයි මාධ්‍යවේදීන් විමසන අවස්ථාවේ ඔහු පවසා සිටින්නේ තමන් pcr පරීක්ෂණයක් පමණක් සිදුකළ බවයි. තමන් නිරෝධායන විය යුතු අවස්ථාවක ගාමිණී ලොකුගේ ඇමතිවරයා පිළියන්දල නගර සීමාව හුදකලා කිරීමට බලපෑම් කර ඇත්තේ සෞඛ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ පොලිස් ප්‍රධානීන් තම නිවසට කැඳවමිනි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...