බස් ගාස්තුත් වැඩිවෙන ලකුණු

මෑතකදී සිදු වූ ඩීසල් මිල ඉහළ යාමෙන් පසු බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පෞද්ගලික බස් සේවකයින් අද (02) රැස්වීමට නියමිතය.

සියලුම බස් සංගම් නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු බස් මෙහෙයුම් පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

ප්‍රවාහන සංගම් කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද උදෑසන රැස්වීම පැවැත්වීමට නියමිත බව ඔහු පැවසීය.

විසඳුමක් ලබා නොදුනහොත් ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වීමට පෞද්ගලික බස් හිමියන්ට ඒකමතිකව තීරණය කළ හැකි බවට ඔහු තවදුරටත් අනතුරු අඟවා තිබේ.

බස් සංගම් සූදානම් වන්නේ ජනතාව ඇපයට තබා බස් ගාස්තු වැඩිකර ගැනීමටයි. ආණ්ඩුව පසුගිය දිනවල පැවැත්වූ මාධ්‍ය හමුවලින් පෙනෙන්නේ ඔවුන්ටත් මේ සම්බන්ධයෙන් විසඳුමක් නැති බවයි. ඒ අනුව සියලු බර ජනතාවට දැරීමට සිදුවෙනු ඇත.
තෙල් මිල වැඩිවීම ආරම්භ වීමත් සමඟ විසඳුමක් ලෙස පොදු ප්‍රවාහනය සඳහා යම් ඉන්ධන සහනයක් ලබාදෙන ලෙස බොහෝ පිරිසක් ඉල්ලා සිටින ලදී. නමුත් ආණ්ඩුව එය සැළකිල්ලට ගන්නා බවක් දක්නට නැත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...