නිහල් වලිමුණිගේ සහෝදරයන්ගේ භුක්තියට වන්දම දෙමළිය කුඩාඔය වනාන්තර පද්ධතිය අතහැර දැමුවාද ?

එළඹෙන ජුනි 5  දා  අනුරාධපුරයට අයත් වනාන්තර පහක් රක්ෂිත ලෙස නම් කරන්නට පරිසර අමාත්‍යාංශයේ කටයුතු කරන බව පූර්ව ප්‍රචාරක කටයුතුවලදී ප්‍රකාශයට පත් කළා . මෙසේ රක්ෂිත ලෙස නම් කළ වනාන්තර අතරට වන්දම දෙමළිය කුඩා ඔය වනාන්තර පද්ධතිය අයත් නොවූයේ මන්දැයි පරිසරවේදීන් ප්‍රශ්න කර සිටිනවා .

ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන නිහාල් වලිමුනි සහ චතුරි ගංගානි යන අය මැදිහත්ව මෙම වනාන්තර පද්ධතිය අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා බවට වාර්තා පළ වුණා. . එමෙන්ම නිහල් වලිමුණී යන තැනැත්තාගේ සහෝදරයන් හතර දෙනා මේ  ප්‍රදේශවල වනාන්තර ජාවාරමේ යෙදෙන බවට ද චෝදනා ලැබ තිබෙනවා. මොවුන්ගේ බලපෑමට යටත්ව එළඹෙන පරිසර දිනයට අදාලව රක්ෂිත නම් කරන විට විශාල වශයෙන් අලි ගැවසෙන සහ අලි නිජබිමක් වන වන්දම දෙමළිය කුඩා ඔය වනාන්තර පද්ධතිය අතහැර දමා රක්ෂිත නම් කිරීමට රජයට සිදුවී ඇත්දැයි සැක පහළ වෙනවා. 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...