නිහල් වලිමුණිගේ සහෝදරයන්ගේ භුක්තියට වන්දම දෙමළිය කුඩාඔය වනාන්තර පද්ධතිය අතහැර දැමුවාද ?

එළඹෙන ජුනි 5  දා  අනුරාධපුරයට අයත් වනාන්තර පහක් රක්ෂිත ලෙස නම් කරන්නට පරිසර අමාත්‍යාංශයේ කටයුතු කරන බව පූර්ව ප්‍රචාරක කටයුතුවලදී ප්‍රකාශයට පත් කළා . මෙසේ රක්ෂිත ලෙස නම් කළ වනාන්තර අතරට වන්දම දෙමළිය කුඩා ඔය වනාන්තර පද්ධතිය අයත් නොවූයේ මන්දැයි පරිසරවේදීන් ප්‍රශ්න කර සිටිනවා .

ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන නිහාල් වලිමුනි සහ චතුරි ගංගානි යන අය මැදිහත්ව මෙම වනාන්තර පද්ධතිය අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා බවට වාර්තා පළ වුණා. . එමෙන්ම නිහල් වලිමුණී යන තැනැත්තාගේ සහෝදරයන් හතර දෙනා මේ  ප්‍රදේශවල වනාන්තර ජාවාරමේ යෙදෙන බවට ද චෝදනා ලැබ තිබෙනවා. මොවුන්ගේ බලපෑමට යටත්ව එළඹෙන පරිසර දිනයට අදාලව රක්ෂිත නම් කරන විට විශාල වශයෙන් අලි ගැවසෙන සහ අලි නිජබිමක් වන වන්දම දෙමළිය කුඩා ඔය වනාන්තර පද්ධතිය අතහැර දමා රක්ෂිත නම් කිරීමට රජයට සිදුවී ඇත්දැයි සැක පහළ වෙනවා. 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...